February, 21, 2025
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් සපුගස්කන්ද ලින්ඩල් කාර්මික සැකසුම් කලාපයේ නව ආහාර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම පසුගියදා සිදු කරනු ලැබීය. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහභාගීත්වයෙන් මෙම විවෘත කිරීම සිදු විය.
මෙම කර්මාන්ත ශාලාව මඟින් යුනිලිවර් හි මෝල්ට් පාදක වෙළඳ නාම වන Viva සහ Horlicks දේශීයව නිෂ්පාදනය කරනු ලබයි. මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම තුළින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමට සිය පරිමාවෙන් 98% ක් දේශීයව නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබේ.
රුපියල් බිලියන 3.8 ක ආයෝජනයකින් ඉදිකරන ලද මෙම කර්මාන්ත ශාලාව සතුව උසස් තත්ත්වයේ නිෂ්පාදන සහතික කිරීම සඳහා නවීන තාක්‍ෂණයන්, තිරසාර නිෂ්පාදන තාක්‍ෂණයන් සහ අපනයන වෙළඳපොළවල් සඳහා ඉහළ ධාරිතාවක් සැපයීමේ හැකියාව පවතින අතර සෘජු රැකියා සහ වක්‍ර රැකියා 350 කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කර ඇත.
මෙම කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් විදුලි අවශ්‍යතාවයෙන් 30% ක් සපුරාලනු ලබන්නේ කිලෝවොට් පැය 975 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මඟින් වන අතර එය පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම තුළින් පාරිසරික බලපෑම අවම කිරීම සඳහා වූ යුනිලිවර් හි ගෝලීය තිරසාර ප්‍රතිපත්තියට අනුකූල වේ.
මෙම නව කර්මාන්ත ශාලාවට අමතරව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සතුව හොරණ BOI කලාපය, ලින්ඩල් කාර්මික වතුයාය සහ ආගරපතන යන ස්ථානවල කර්මාන්ත ශාලා ත්‍රිත්වයක් පවතින අතර ඒවා මඟින් දේශීය හා අපනයන වෙළෙඳපොළ සඳහා යුනිලිවර් වෙළඳ නාම නිෂ්පාදනය කරනු ලැබේ.


