December, 10, 2014
මෙරට මත්ස්‍ය අපනයන වලින් සියයට 50 ක් පමණ මිලදී ගන්නා යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදී නොගන්නා බවට තහනමක් පසුගිය කාලයේදී පැනවීය. මෙම තහනම ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන්නේ 2015 ජනවාරි 15 වනදා සිට වුවත් එය වලක්වා ගැනීමට ලංකාවට තවමත් අවස්ථාව තිබේ.
කෙසේවෙතත්, ඒ වෙනුවෙන් පියවර කිහිපයක් ලංකාව විසින් ගත යුතුව ඇත. ලංකාව මෙම තර්ජනයට මුහුණ දෙමින් සිටින ආකාරය පිළිබඳව අපි ශ්‍රී ලංකා මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන්නන්ගේ සංගමයේ ප්‍රකාශක, චන්න වීරතුංග මහතාගෙන් අදහස් විමසා සිටියා.
අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් ශ්‍රී ලංකා මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන්නන්ගේ සංගමයේ ප්‍රකාශක, චන්න වීරතුංග මහතා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව මෙන්න.
Video Story