යුරෝපා ආර්ථිකයේ මන්දගාමී වර්ධනය ශ්‍රී ලංකාවටත් බලපාවි – නියෝජ්‍ය මහබැංකු අධිපති කියයි

    November, 4, 2015

    GSP ප්ලස් වෙළෙඳ සහනය ශ්‍රී ලංකාවට හිමි වීම සහ මෙරට මත්ස්‍ය අපනයන යුරෝපා වෙළෙඳපොළ වෙත අපනයනය සඳහා දැනට පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීම සිදුවුවත්, දැනට පවතින යුරෝපියානු ආර්ථිකයේ මන්දගාමී වර්ධනයේ බලපෑම මෙරටට ද බලපානු ඇතැයි නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    කෙසේවෙතත් නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ ඇමරිකානු හා ඉන්දියානු ආර්ථිකයන් හි වර්ධනීය ප්‍රවණතාවයන් හේතුවෙන් මෙරට ආර්ථිකය කෙරෙහි ඉදිරියේ දී සුබවාදී බලපෑමක් ඇති විය හැකි බවයි.