March, 18, 2016
පැවැති පාලනය යටතේ ශ්‍රී ලංකාව වෙත ලැබුණ ණය ආධාර වෙනුවට යහපාලන රජය යටතේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රදානයන් සහ ප්‍රතිපාදන ලැබෙමින් පවතින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ගෙවී ගිය දශකයකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවෙන් ඈත්ව සිටි ජාත්‍යන්තර සංවිධාන යහපාලනය යටතේ යළි සහායට පැමිණ ඇති බවයි.
මෙරට සංවර්ධන කටයුතු වෙනුවෙන් යුරෝ මිලියන 43.7ක මූල්‍ය ප්‍රදානයක් සහ තාක්ෂණික ආධාර ලබා දීමට අදාළ ගිවිසුම් තුනක් සඳහා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
Video Story