March, 4, 2016
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යුරෝපා සංගමය සමග අත්වැල් බැඳ ගනිමින්, යාපනය විශ්වවිද්‍යාලය විසින් පවත්වන ලද යොවුන් නායකත්වය සංවර්ධන වැඩසටහන (YLDP) යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ තරුණ-තරුණියන් 117 කට පුහුණුව ලබා දීමට කටයුතු කළේය. පුහුණුව සාර්ථකව නිම කළ තරුණ-තරුණියන් හට සහතිකපත් බෙදා දීමේ උළෙල යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ පීඨයේදී පසුගියදා පැවැත්විණි. මන්නාරම ප්‍රාදේශීය ලේකම් එම්.වයි.එස්. දේශප්‍රිය, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වී. අරසරත්නම්, යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ පීඨාධිපති මහාචාර්ය ටී. වෙල්නම්බි සහ UNDP මෙරට සහකාර අධ්‍යක්ෂ රාජේන්ද්‍රකුමාර් ගනේසරාජා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් උළෙල සඳහා සහභාගී වූහ.
මාස තුනක් පුරා ක්‍රියාත්මක කෙරුණු පැය, 175 කින් සමන්විත වූ මෙම පාඨමාලාව ව්‍යාපෘති කළමනාකරණය, ව්‍යවසායකත්වය, මුල්‍ය කළමනාකරණය, නායකත්වය, කාල කළමනාකරණය, ස්ත්‍රී-පුරුෂ සමාජත්ව අධ්‍යයනය සහ ආපදා කළමනාකරණය යන විෂය ක්ෂේත්‍රයන් ආවරණයවන පරිදි සැලසුම් කර තිබිණ. ගම්මාන තුනක සහභාගී ඇගයුම් ක්‍රියාත්මක කිරීම, කර්මාන්ත, කර්මාන්තශාලා සහ ගොවිපල සඳහා සහභාගී චාරිකා සංවිධානය කිරීම සහ වෙනත් දිස්ත්‍රික්කවල සමාජ ජාල සමග සම්බන්ධ තරුණ-තරුණියන් සමග අත්දැකීම් බෙදාහදා ගැනීමේ සැසි පැවැත්වීම ආදී ප්‍රායෝගික පුහුණු ක්‍රමවේදයන්ගෙන් ද පාඨමාලාව සමන්විත වීම විශේෂත්වයකි. මෙමගින් ලබා ගත් පුළුල් දැනුම් සම්භාරය තුළින් තමන් නියෝජනය කරන ප්‍රජාව සතු ගැටළු ඉදිරියට ගෙන යමින් ඒවාට විසඳුම් ලබා දීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමේ හැකියාව මෙම තරුණ-තරුණියන් හට හිමි වේ.
"මම මගේ ගමේ කාන්තා ග්‍රාමීය සංවර්ධන සමිතියේ ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස කටයුතු කළා. එසේ වුවත්, සංවර්ධන ගැටළු පිළිබඳ නියමාකාර දැනුමක් මා තුළ තිබුණේ නැහැ. පාඨමාලාව තුළින් නායකත්වය සහ ව්‍යාපෘති කළමනාකරණය ආදී සමාජය තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීම සඳහා ඉවහල්වන කුසලතා වර්ධනය කර ගැනීමට මට හැකි වුණා. අපගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මකවන කාන්තා ග්‍රාමීය සංවර්ධන සමිති සමග මාගේ අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා මා කොට්ඨාස කාන්තා ග්‍රාමීය සංවර්ධන සමිති ජාලගත මණ්ඩලයට ද ඇතුළත් කරනු ලැබ තිබෙනවා. මන්නාරම දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවගේ ජීවිත තුළ සැබෑ වෙනසක් ඇති කිරීමට මගේ දැනුම උපකාරීවනු ඇතැයි මා විශ්වාස කරනවා." මන්නාරම මාන්තෙයි බටහිර පදිංචි වශීහරන් සශිකලා පාඨමාලාව පිළිබඳ සිය අදහස් පළ කළාය.
උළෙලේදී අදහස් දැක්වූ UNDP මෙරට සහකාර අධ්‍යක්ෂ ගනේසරාජා මහතා සඳහන් කළේ තරුණ-තරුණියන්ගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කිරීමට සමත් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකි වීම පිළිබඳ තමන් ඉතාමත් සතුටුවන බවය. "සමස්තයක් වශයෙන් සිය ප්‍රජාව තුළ මෙන්ම සමස්ත රටේ ද තරුණ-තරුණියන් හට ඉටු කළ සුවිශේෂී කාර්යභාරය පිළිබඳ මනා අවබෝධයකින් පසුවන UNDP, ඔවුන්ගේ කුසලතා වර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. අද මෙතැන සිටින පිරිස වැනි තරුණ නායකයන් රැසක් බිහි කිරීම තුළ UNDP ඉටු කර ඇති කාර්යභාරය පිළිබඳ මා ඉතා සතුටු වනවා." ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පාඨමාලාව සඳහා සුදුසු තරුණ-තරුණියන් ඒ සඳහා තෝරා ගැනීම මෙන්ම පාඨමාලාව ක්‍රියාත්මක කිරීමත්, අධීක්ෂණය කිරීමත් තුළින් මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ සඳහා විශාල සහයෝගයක් ලබා දුන්නේය. "ඔබ මෙම පාඨමාලාව සාර්ථකව නිම කර ඇති බැවින් ඔබ අනෙකුත් තරුණ-තරුණියන් අතර කැපී පෙනෙනවා. එබැවින්, ප්‍රජා මූල සංවිධාන සහ යොවුන් පාර්ලිමේන්තුව වැනි වේදිකාවන් මත ඔබගේ ප්‍රජාව නියෝජනය කිරීමේ වගකීම ඔබ සතු වනවා." මන්නාරම ප්‍රාදේශීය ලේකම් දේශප්‍රිය මහතා සභාව අමතමින් තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
මන්නාරම ප්‍රදේශයේ සහ තරුණ ප්‍රජාවගේ ගැටළුවලට අනුකූලවන ලෙස පාඨමාලාව සකස් කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු අඛණ්ඩ කැපවීමෙන් කටයුතු කළෝය. පීඨය නියෝජනය කරමින් රැස්ව සිටි පිරිස ඇමතූ යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ පීඨයේ පීඨාධිපති ටී. වෙල්නම්බි මහතා එදින සහතිකපත් හිමි කර ගත් තරුණ-තරුණියන් හට සුබපැතුම් එක් කළේය.
මිලියන භාගයක පමණ ජනතාවක් ජීවත්වන මෙරට යුද්ධයට මැදි වූ සහ මායිම් වූ දිස්ත්‍රික්ක හතක් ආවරණයවන පරිදි ඒවායේ ආර්ථික, සමාජ සංවර්ධනය ඇති කිරීම සඳහා මෙරට රජයට සහය වීමේ අරමුණින් ක්‍රියාත්මක යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කෙරේ. සමස්ත EU-SDDP වැඩසටහන සඳහා වැය කෙරෙන මුදල යුරෝ මිලියන 60 කි.
යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ UNDP, ප්‍රාදේශීය සේවා සම්පාදකයන්ගේ වගකීම් වර්ධනය කිරීම සඳහා තරුණ-තරුණියන් ප්‍රජා සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීමටත්, ප්‍රාදේශීය නිලධාරීන් අතර සබඳතා වැඩිදියුණු කිරීමටත් තරුණ-තරුණියන් හට තාක්ෂණික සහයෝගය ලබා දීම තුළින් ප්‍රාදේශීය පරිපාලන ආයතනවල ශක්‍යතා සවිබල ගැන්වීම වෙනුවෙන් කටයුතු කරයි.

යොවුන් නායකත්ව සංවර්ධන පාඨමාලාව සාර්ථකව නිම කළ මන්නාරම නගර මධ්‍යස්ථාන කණ්ඩායම සහතිකපත් ප්‍රදානය කිරීමේ උළෙලේදී
Video Story