January, 19, 2017
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ සංවර්ධනයත් සමග විධිමත් පරිදි රෝහල්වල අපද්‍රව්‍ය බැහැර කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත. රෝහල්වල අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් එම අපද්‍රව්‍ය කළමනාකරණයේ නිරත පිරිසට මෙන් ම පොදු ජනතාවට ද බරපතළ සෞඛ්‍යමය ගැටළු රැසකට මුහුණ පෑමට සිදු වී ඇත. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ග්‍රාමීය රෝහල් සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව ව්‍යාපෘති සේවා සඳහාවන එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNOPS) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේනෙයි මූලික රෝහල තුළ සෞඛ්යාරක්ෂිත අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් ස්ථාපන කිරීම සඳහා සහයෝගය ලබා දුන්නේය. තොරතුරු සහ සුනිසි ක්‍රමවේද පිළිබඳ දැනුම ද බෙදාහදා ගැනීමට හැකිවන බැවින් මෙම ව්‍යාපෘතිය හරහා අනෙකුත් රෝහල්වල කාර්යමණ්ඩල සාමාජිකයන්ට ද ප්රතිලාභ හිමි වෙයි.
මෙරට යුද්ධයට මැදි වූ සහ මායිම් වූ උතුරු හා නැගෙනහිර දිස්ත්‍රික්ක හතක මිලියන භාගයක පමණ ජනතාවගේ දිළිඳුකම අවම කිරීම, ආර්ථික, සමාජ සංවර්ධනය ඇති කිරීම සඳහා අනෙකුත් දිස්ත්‍රික්ක සමග පරතරය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කෙරේ. සමස්ත EU-SDDP වැඩසටහන සඳහා වැය කෙරෙන මුදල යුරෝ මිලියන 60 කි.
මහජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයට මූලික වශයෙන් බලපාන ආසාදිත අපද්‍රව්‍ය රෝහල්වලින් බැහැර කරන අපද්‍රව්‍යවලින් 20% කට අධික ප්‍රමාණයක් වේ. රුධිරය තැවරුණු සිරින්ජර, අත් ආවරණ සහ කැතීටර ආදිය ආසාදිත අපද්‍රව්‍ය ලෙස සැලකේ. මෙම අපද්‍රව්‍ය කුඩා පරිමාණ වශයෙන් භාශ්මිකරණය හෝ විවෘත කැලි කසළ පරිශ්‍ර වෙත බැහැර කිරීම මෙරට තුළ බහුලව භාවිතා කෙරෙන ක්‍රමවේද වේ. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ස්ටොක්හෝම් සම්මුතිය එම ක්‍රමවේදවල අවදානම් තත්ත්වය පිළිබඳ අවධාරණය කර ඇත. එම අපද්‍රව්‍ය පිළිස්සීමේදී කාබන් මොනොක්සයිඩ්, රෝගකාරක විෂබීජ සහ විෂ රසායන ද පරිසරයට මුදා හැරෙන බැවින් එමගින් පරිසරයට සහ මහජනතාවට අහිතකර බලපෑම් ඇතිවන බව ඔවුහු පෙන්වා දෙති. එවැනි විෂ රසායන පරිසරයට බැහැර කිරීමෙන් තොරව අපද්‍රව්‍ය විනාශ කිරීමේ විකල්ප ක්‍රමවේද පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය සිය දැනුම ලබා දීමට ඉදිරිපත් විය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා කලාප අධ්යක්ෂවරයාගේ මගපෙන්වීම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය වාලච්චේනෙයි මූලික රෝහලේ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය දියත් කළ අතර UNOPS ආයතනය රෝහලේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශ පිළිබඳ විශේෂඥ තාක්ෂණික උපදෙස් ලබා දුන්නේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් විසින් අපද්‍රව්‍ය වර්ගීකරණ පරීක්ෂණයකට ලක් කළේය. අපද්‍රව්‍ය කළමනාකරණ මාර්ගෝපදේශවලට අනුව අවදානම් අපද්‍රව්‍ය ප්‍රමාණය 10-25% ත් අතර මට්ටමක පැවතිය යුතු වුව ද රෝහලෙන් බැහැර කරන අපද්‍රව්‍යවලින් 76% ක ප්‍රමාණයක අවදානම් අපද්‍රව්‍ය අන්තර්ගතවන බව එම පර්යේෂණයෙන් හඳුනා ගනු ලැබිණි. ඵලදායී අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා අනුගමනය කළ යුතු වැදගත් පියවර රැසක් ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් මෙහිදී නිර්දේශ කළේය. UNOPS ආයතනය වත්කම් ප්‍රතිසම්පාදනය සහ පුහුණු හා කුසලතා සංවර්ධනයට පහසුකම් ලබා දීම හරහා මෙම අපද්‍රවය කළමනාකරණ පද්ධතිය ක්‍රියාවට නැංවීම සඳහා සිය දායකත්වය ලබා දෙයි.
අපද්‍රව්‍ය බැහැර කිරීම මෙන් ම රෝහල් කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ තාක්ෂණික දැනුම ද වර්ධනය කිරීම වැදගත්වන බව හඳුනා ගත් ලෝක සෞඛ්‍ය සංවිධානය UNOPS ආයතනය සමග අත්වැල් බැඳ ගනිමින් කාර්යමණ්ඩල සාමාජිකයන් පුහුණු කළේය. මෙම වැඩසටහන යටතේ අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ සුනිසි ක්‍රමවේද, හානිකර ශල්‍ය අපද්‍රව්‍ය සමග ගැටීම අවම කර ගැනීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සියලු ම කාර්යමණ්ඩල සාමාජිකයන් හට වගකීම පැවරීම ආදී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දැනුම බෙදාදෙනු ලැබිණි. මෙම ව්‍යාපෘතිය යටතේ සුනිසි අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේද භාවිතා කෙරෙන ආදර්ශ රෝහල් වාට්ටුවක් ද ස්ථාපිත කිරීමට නියමිතය.
යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ UNOPS ආයතනය සමාජ යටිතල පහසුකම් සහ විශේෂ ශක්‍යතා වර්ධන ක්‍රියාකාරකම් තුළින් මඩකලපුව, මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවල වෙසෙන 400,000 කට අධික පිරිසක් සඳහා ප්රතිලාභ සලසයි. EU-SDDP වැඩසටහන යටතේ UNOPS ආයතයනය මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් දිස්ත්‍රික්කය තුළ තිරසාර ක්‍රමවේදයකට අනුව කාර්යක්ෂම සහ වියදම් ඵලදායී ලෙස අපද්‍රව්‍ය එක්රැස් කිරීම, ප්‍රවාහනය කිරීම සහ ඒවා නිසි පරිදි බැහැර කිරීම සඳහා ඵලදායී පද්ධතියක් ගොඩනැගීම වෙනුවෙන් කැප වෙයි.
ඡායා - රෝහලේ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයේ තත්ත්වය පරික්ෂා කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන්
Video Story