November, 3, 2015
යුරෝපා සංගමයේ මූල්‍ය දායකත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) කාර්මික සේවා කාර්යාංශය (ISB) හවුල්කාරීත්වයෙන් යුතුව ව්‍යසායකත්ව සංවර්ධන පුහුණුකරුවන් සඳහා පුහුණු වැඩසටහනක් සිදුකළේය. මෙම පුහුණු වැඩසටහනින් සංවර්ධන නිළධාරීන් 191 දෙනෙකු පුහුණු කිරීම සිදුවිය. ප‍්‍රාදේශීය සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් සිදුවූ මෙම පුහුණු වැඩසටහන වවුනියාව, මන්නාරම, මඩකලපුව, අම්පාර, අනුරාධපුර, පුත්තලම, සහ මොනරාගල යන දිස්ත‍්‍රික්ක වල ක‍්‍රියාත්මක විය.
යුරෝපා සංගමය සහයදෙන දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) මගින් මෙම ව්‍යසායකත්ව සංවර්ධන පුහුණුකරුවන් සඳහා වූ පුහුණු වැඩසටහන සිදුවිය. යුරෝපා සංගමය මගින් මේ සඳහා මූල්‍ය දායකත්වය ලබාදෙන අතර යුරෝ මිලියන 60 මුදලක් EU-SDDP වැඩසටහන සඳහා වැයකරයි. මිලියන භාගයක පමණ ජනතාවක් ජීවත්වන මෙරට යුද්ධයට මැදිවූ සහ මායිම් වූ දිස්ත‍්‍රික්ක හතක් ආවරණය වන පරිදි ඒවායේ ආර්ථික, සමාජ සංවර්ධනය ඇතිකිරීමට මෙරට රජයට සහයවීම මෙම වැඩසටහනේ අරමුණයි.
යුද්ධයෙන් මැදිවූ සහ මායිම් වූ දිස්ත‍්‍රික්ක වල සිටින රැකියා විරහිත බහුතරයක් තරුණ පිරිස්ය. මෙම ව්‍යවසායකත්ව පුහුණුකරුවන් සඳහා වූ පුහුණු වැඩසටහන මගින් තරුණ පිරිස් අතර තිබෙන නිපුණතා හිඟය සංවර්ධන නිළධාරීන්ගේ අවධානයට ලක්කෙරුණි. දිස්ත‍්‍රික්ක හත පුරා විසිරී සිටින 40000 ක පමණ පිරිසකට වෘත්තීය නිපුණතා සහ ව්‍යාපාර සංවර්ධන දැනුම මෙම සංවර්ධන නිළධාරීන් හරහා ලබාදීමට අපේක්ෂිතය.
මෙම පුහුණු වැඩසටහනින් පුහුණුව ලැබූ සංවර්ධන නිළධාරීන් තරුණ ව්‍යවසායකත්ව සංවර්ධන (YED) වැඩසටහනට යොමුකරයි. පුහුණුව ලැබූ සංවර්ධන නිළධාරින්ට ඔවුන්ගේ හැකියාවන් ප‍්‍රායෝගිකව යොදාගෙන YED වැඩසටහනට සුදුසු තරුණ පිරිස් සහ අනෙක් නිෂ්පාදන කණ්ඩායම් සහ නිෂ්පාදන සංවිධාන තෝරාගැනීමට ද සිදුවේ. තරුණ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන තුළ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) 2014-2017 වසර සඳහා වූ තරුණ මූලෝපාය සැලසුම මගින් හඳුනාගත් ප‍්‍රධාන කරුණු වලට අදාළව යයි. මෙම තරුණ මූලෝපාය සැලසුම මගින් අවධානයට ලක්වන්නේ තරුණ පිරිස් ආර්ථික වශයෙන් සවිබල ගන්වමින් ඔවුන්ව ප‍්‍රජා කටයුතු වලට සහ තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට දායක කරගැනීම හා අර්බුද වලට ඔරොත්තු දීමේ හැකියාවන් දියුණු කිරීමයි.
''ජීවත්වන ප‍්‍රදේශය ආශ‍්‍රිතව සිදුකළ හැකි ජීවනෝපාය අවස්ථා හඳුනාගනිමින් අප සතුව තිබෙන සම්පත් වලින් ප‍්‍රයෝජන ගතහැකි ආකාරය මේ පුහුණුවෙන් මට දැනගැනීමට ලැබුණා. මගේ ග‍්‍රාම නිළධාරි කොට්ඨාසය සහ දිස්ත‍්‍රික්කය තුළ මෙන්ම මෙහිදී අවධානයට ලක්වන අනෙක් ප‍්‍රදේශ තුළ ද ව්‍යවසායන් ඇතිකිරීම මගින් සමාජයේ අනෙක් පිරිස් වලටත් රැකියා ලබාදීමට ද ඔවුන්ට හැකිවේවි'' යැයි පුත්තලම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිළධාරිවරියක වන 28 හැවිරිදි ෆාතිමා හස්මත් පැවසුවාය.
මෙම පුහුණුව සඳහා සංවර්ධන නිළධාරීන් තෝරාගැනීමේ දී දැඩි තරගකාරීත්වයක් තිබුණි. තරුණ ව්‍යවසායකයින් පුහුණු කිරීමට දැක්වූ උනන්දුව හා හැකියාව පදනම් කරගනිමින් සංවර්ධන නිළධාරීන් තෝරාගැනීම සිදුවිය. ව්‍යාපාර පදනම් කරගත් ආර්ථික ශක්‍යතා (CEFE) ක‍්‍රමවේදයට අනුව මධ්‍යම ප‍්‍රමාණයේ සහ කුඩා ප‍්‍රමාණයේ ව්‍යවසාය වර්ධනයට මනා සහයක් ලබාදෙන පුළුල් ශිල්පක‍්‍රම මෙම වැඩසටහනේදී භාවිත විය.
''මෙරට සම්පත් යොදාගෙන ව්‍යවසායකත්ව සහ ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන් හා උපදේශකයින් බිහිකිරීමට මෙරට රජය සිදුකරන වැඩපිළිවෙලේ කොටස්කරුවන් වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සතුටුවෙයි. මෙම වැඩසටහනේදී නවෝත්පාදන බිහිකිරීමේ තිරසාරත්වය ද තහවුරු වෙනවා.'' වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නියෝජනය කරන මෙරට සහකාර අධ්‍යක්ෂ රාජේන්ද්‍රකුමාර් ගනේසරාජ් මහතා පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන ශාඛාව වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) දශක පහකට අධික කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන අතර EU-SDDP යටතේ මෙරට ප‍්‍රාදේශීය පරිපාලන ආයතනයන්ට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙමින් බිම් මට්ටමේ තරුණ පිරිස් ප‍්‍රජා සංවර්ධන ක‍්‍රියාවලියට දායක කරගනියි. තවද රජයේ ප‍්‍රාදේශීය බලධාරින් මෙරට ප‍්‍රජාවට ලබාදෙන සේවාවන් වල වගකීම් සහගත බව පුළුල් කිරීම ද මෙමගින් සිදුවෙයි.
ඡායාරූපය - පුහුණු වැඩසටහන සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පුද්ගලයෙකුගෙන් ප‍්‍රතිලාභ හිමිකර ගැනීමට අවශ්‍ය සුදුසුකම් හඳුනාගනිමින් සිටින අම්පාර, අලයාදිවෙම්බු ප‍්‍රදේශයේ සංවර්ධන නිළධාරීවරයකු වන කනපතිපිල්ලේ ලෝගන්තන් (දකුණු පස)