March, 25, 2026
මෙරට කිරි නිෂ්පාදන ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන අඹේවෙල කිරි ගොවිපොළ පිහිටා ඇත්තේ ඉතා සුන්දර පරිසරයකයි. දකුණු ආසියානු කලාපයේ පිරිසිදුම කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් කීර්තිනාමය හිමි කරගෙන ඇති අඹේවෙල ගොවිපොළ සශ්‍රීක හරිත තණබිම්, උසස් අභිජනන ගවයින් මෙන්ම නවීනතම තාක්ෂණයෙන් යුත් ගවහල් සහ කිරි දෙවීමේ මධ්‍යස්ථානවලින් සමන්විතවනවා. අඹේවෙල සතු මෙම විශිෂ්ටත්වය සහ ප්‍රමිතීන් ප්‍රායෝගිකව නිරීක්ෂණය කිරීම උදෙසා යුරෝපීය රටවල් රැසක කර්මාන්තකරුවන්, කෘෂිකාර්මික විශේෂඥයින් සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු විශාල නියෝජිත පිරිසක් මෑතකදී එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූණා. ගොවිපොළෙහි මෙහෙයුම් පද්ධතියේ සෑම අංශයක්ම දැඩි පරීක්ෂාවකට ලක් කළ මෙම කණ්ඩායම, එහි ප්‍රමිතිය සහ ක්‍රියාවලිය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළහ.
මෙම නිරීක්ෂණ චාරිකාවේ කණ්ඩායම් නායිකා ලර්නින් මහත්මිය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව තුළ මෙවැනි දියුණු සහ උසස් ප්‍රමිතියෙන් යුත් ගොවිපොළක් පවත්වාගෙන යාම පිළිබඳව තමන් බෙහෙවින් පුදුමයට පත් වූ බවයි. බ්‍රිතාන්‍යයේ ගවයින් 900ක් සහිත ගොවිපොළක හිමිකාරිනියක වන සූ ලුවිස් මහත්මිය සඳහන් කළේ අඹේවල ගොවිපොළ තුළ ක්‍රියාත්මක වන ක්‍රියාවලීන් විශ්මයජනක බවත්, එහි මෙහෙයුම් පරිමාණය අතිශය ඉහළ මට්ටමක පවතින බවත්ය. මෙහිදී අදහස් දැක්වූ හෙන්රි මහතා පැවසුවේ, අඹේවල සතු නවීන පහසුකම් සහිත ගවහල් සහ විශාලත්වය තමන් කිසිසේත්ම අපේක්ෂා නොකළ බවයි. එමෙන්ම ගොවිපොළේ සමස්ත ක්‍රියාකාරිත්වය තමන් බෙහෙවින් අගය කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියා.
අඹේවෙල නැවුම් කිරි යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන චීස් සහ යෝගට් රස බැලූ විදේශීය නියෝජිත පිරිස, එම නිෂ්පාදන යුරෝපීය ප්‍රමිතීන්ට සමගාමී වන බව සහතික කළහ. විශේෂයෙන්ම එහි පවතින දැඩි ගුණාත්මක පාලන ක්‍රමවේදයන් ඔවුන්ගේ ඉහළ ඇගයීමට ලක් විය. මෙම සාර්ථක සංචාරයෙන් අනතුරුව, තම රටවල සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ අඹේවෙල ගොවිපොළ නැරඹීමට පැමිණෙන ලෙස දිරිමත් කරන බවද ඔවුන් ප්‍රකාශ කර සිටියා.
නිරන්තර නවෝත්පාදනයන් සහ ව්‍යාප්ත කිරීම් සමඟින් ඉදිරියට යන අඹේවෙල ගොවිපොළ, මෙරට කිරි කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීම සඳහා කැපවී සිටියි. එමෙන්ම, දෙස් විදෙස් සංචාරකයින් හට සුවිශේෂී සහ අමතක නොවන අත්දැකීමක් ලබා දීම අපගේ මෙහෙවරයි.

Video Story