November, 19, 2024
කිසිවක් නිත්‍ය නොවන ලෝකය තුළ හැමතැනම ඇත්තේ අවදානම් සහගත බවකි. ජීවිත ගත්තත්, දේපළ ගත්තත් මේ සියල්ලටම එය පොදුය. ව්‍යාපාරවලට ද එය එසේ ම බලපායි. එයට හේතු කාරණා බොහෝ තිබේ. ස්වාභාවික විපත්, අනතුරු, කැරලි කෝලාහල, හදිසි ගිනිගැනීම්, රෝගාබාධ ඇතුළු බොහෝ දේවල් මෙම අවදානම වැඩි කිරීමට හේතු වී ඇත.
මෙම අවදානමෙන් යම් තරමක් දුරට සහනයක් ලබාගැනීමට අවදානම පැවරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.ඒ කුමක්ද?
කොතරම් රක්ෂණ සමාගම් තිබුණද වඩාත් වැදගත් වන්නේ එය මොනතරම් ජනතාවට සමීපව සහ ප්‍රායෝගිකව කටයුතු කරනවාද යන කාරණයයි.අතලොස්සක් වූ එවන් ආයතන අතර තමන්ගේම කෙනෙක් ලෙස අප අබියසට එන ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන්නේ පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම ය.එය රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස සලකුණු තබා ඇත.
2010 වසරේ මහජන බැංකු සමූහයට අනුබද්ධිත සමාගමක් ලෙස ආරම්භකොට වර්තමානය වන විට මෙරට ප්‍රධානතම රක්ෂණ සමාගමක් ලෙස දැවැන්ත සහ කීර්තිමත් නමක් සටහන් කිරීමට ඊට හැකිවී තිබේ.එය ක්‍රමානුකූලව ගොඩනැගුනු කීර්තියක් වන අතර ඊට ඉවහල් වූයේ සමස්ථ කාර්ය මණ්ඩලයේ මානවවාදී කැපවීම ය.
පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය වාහන, දේපළ, වගකීම් සහ මුහුදු රක්ෂණය ඇතුළු පුළුල් පරාසයක සාමාන්‍ය රක්ෂණ සදහා ශ්‍රී ලංකාව පුරා විහිදුණු සේවා මධ්‍යස්ථාන 125කට අධික ප්‍රමාණයක් මගින් රක්ෂණ පහසුකම් ලබා දෙයි.එමපණක් නොව, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය රුපියල් බිලියන 4.6 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනයක් සහිත සහ ඒ- (ස්ථාවර) ෆිච් ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති සමාගමකි.
මෙරට රක්ෂණ ආයතන සමහරක් විශාල මූල්‍ය පසුබෑම් වලට ලක්වූ තත්ත්වයක් තුල පවා දිනෙන් දින පීප්ල්ස් ඉන්ෂූරන්ස් ආයතනය ලැබූ ප්‍රගතිය නැවත නැවතත් පිළිඹිමු කරන්නේ රක්ෂණයේ දැවැන්තයෙක් ලෙස ඔවුන්ගේ ආධිපත්‍යයි.දැනට ජනගතව ඇති මූල්‍ය වාර්තා අනුව 2023 හා 2024 හි අගයන් සැසදීමේදී මේ බව සක්සුදක් සේ පැහැදිලි වේ. 2023 වසරේ තුන්වන කාර්තුව සමඟ මේ වසරෙහි තුන්වන කාර්තුව සැසදීමේදී ආයතනයෙහි ජාතික විකුණුම් බලකාය දළ වාරික ආදායමෙහි 17%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
මෙවන් අසමසම වර්ධනයක් තුළින් පිළිඹිඹු වන්නේ රක්ෂණ ක්ෂේත්රයේ සීග්‍රයෙන්ම වර්ධනය වන දැවැන්ත රක්ෂණ සන්නාමය ලෙස පීපල්ස් ඉන්ෂූවරන්ස් අනුගත වෙමින් පවතින බවයි.
සමාගමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ආයතනයේ ශාඛා කළමනාකරුවන්, ප්‍රාදේශීය කළමනාකරුවන්, කලාප ප්‍රධානීන් සහ බෙදාහැරීමේ කළමනාකරුවන් ඇතුළුව පළපුරුදු විකුණුම් වෘත්තිකයන් 250 කට අධික සංඛ්‍යාවක් එක්ව සිටී. මොවුන් ජනතාවගේ රක්ෂණ අවශ්‍යතා සඳහා කාර්යක්ෂම පාරිභෝගික සේවාවන් ලබා දීම පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමට කෙටි කලක් තුළ ඉහළ සාර්ථකත්වයක් ළඟා කර ගැනීම සඳහා හේතු සාධක වී ඇත. එමෙන් ම සමස්ත කාර්ය මණ්ඩලය ම එක් කණ්ඩායමක් ලෙස එකමුතුව කටයුතු කිරීම ද පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ සාර්ථකත්වයට විශාල හේතුවක් හා ශක්තියකි.
මෙම ජයග්‍රහණය පිළිබඳ ව අදහස් දක්වමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිණී ජීවනී කාරියවසම් මහත්මිය මෙසේ පැවසීය,
“ 2023 වසරෙහි තෙවෙනි කාර්තුවට සාපේක්ෂ ව 2024 තෙවෙනි කාර්තුව අවසන් වන විට දළ වාරික ආදායමෙහි 14% ක වර්ධනයක් වාර්තා කිරීමට හැකි වීම පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම ලැබූ විශාල ජයග්‍රහණයක්. ඒ වගේ ම මේ වසරේ සමස්ත රථ වාහන ආදායම ඇතුළු සියලු ම දර්ශක වර්ධනය කර ගැනීමට හැකි වීම, අප සමාගමේ කළමනාකාරිත්වය ගනු ලැබූ තීන්දු තීරණවල නිවැරදි බවට සහ නවෝත්පාදනවල සාර්ථකත්වයට උදාහරණ සපයනවා. ඒ වගේ ම මෙම ජයග්‍රහණය තුළින් අභියෝගවලට සාර්ථක ව මුහුණ දීමට මේ ආයතන සතු සියළු සේවක පිරිස සතු හැකියාව සහ ශක්තිය ඉතා හොඳින් පෙන්නුම් කරන බවත් පැවසිය යුතුමයි. අවසාන වශයෙන් මෙම සාර්ථකත්වය ලබා ගැනීමට අප සමාගමට ශක්තියක් වූ අපගේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් පීපල්ස් ලීසිං පවුලේ සියළු සමාජිකයන්, පාරිභෝගික ජනතාව සහ නිරන්තරයෙන් අප හට මඟ පෙන්වන සභාපති ඉසුරු බාලපටබැඳි මහතා සහ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු සියලු පාර්ශ්වයන් වෙත ස්තුතිය පුද කර සිටීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.“
සිය ආයතනයේ විජයග්‍රාහී ප්‍රවේශය පිළිබඳව පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී ඩෙනිස් හේවාගම මහතා මේ පිළිබඳ ව දැක්වූයේ මෙවන් අදහසකි.
“ පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම ලැබූ මෙම සාර්ථකත්වය වෙනුවෙන් අපගේ අලෙවි කණ්ඩායම වෙත විශේෂ ස්තුතිය පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේ ම අප කෙරෙහි විශ්වාසය තබමින් නිරන්තරයෙන් අප සමඟ රැඳී සිටින පාරිභෝගික ජනතාවත් මේ අවස්ථාවේ දී කෘතවේදී ව සිහිපත් කිරීමට කැමතියි. අපගේ මූල්‍ය ස්ථාවරත්වය අඛණ්ඩ ව පවත්වා ගනිමින් වර්ධනය කරා ගමන් කිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා“
මෙහි දී අදහස් දක්වමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ මෝටර් ප්රාරක්ෂණ සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ශෂික ජයතිලක මහතා ප්‍රකාශ කළේ,“ 2024 වසරේ තුන්වන කාර්තුව අවසන් වන විට පසුගිය වසරට සාපේක්ෂ ව සප්ටිවෙ අංශයේ සමස්ත රක්ෂණ වාරික ආදායම 9% කින් වර්ධනය කර ගැනීමට සමත් වීම ඇත්ත වශයෙන් ම අප ලැබූ ජයග්‍රහණයක්. ඒ වෙනුවෙන් සහයෝගය ලබා දුන් පීපල්ස් ලීසිං ආයතන සමූහයේ සියලු දෙනාට මගේ හද පිරි ස්තුතිය පිරිනැමීමට කැමතියි.“යනුවෙනි.
දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා විශිෂ්ට පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වාසය දිනා සිටින පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම, මෙරට විශාලතම ව්‍යාපාර සමූහයක් වන මහජන බැංකු සමූහයට අනුබද්ධිත රක්ෂණ සමාගමක් වන අතර, එම සමාගම මෝටර් රථ රක්ෂණය, දේපළ රක්ෂණය ඇතුළු පුළුල් පරාසයක විහිදුණු රක්ෂණ සේවා රැසක් ලබා දෙමින්, සිය පාරිභෝගික ජනතාව වෙත අසමසම රක්ෂණ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වී සිටී.
සිය අවදානම් මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රමාණවත් බවේ අනුපාතය මෙම වසරේ ප්රශස්ත මට්ටමකින් ඉහළ ගොස් තිබීම පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ මූල්‍ය ස්ථාවරත්වයට උදාහරණ සපයයි. එය අද්විතීය ජයග්‍රහණයකි.
ලාබදායීත්වය පදනම් කරගත් උපායමාර්ගික වැඩපිළිවෙලක් මත ආයතනය මෙහෙයවනු ලබන්නාවූ සභාපති ඉසුරු බාලපටපැඳි මහතා ප්රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලයද, 2010 පීපල්ස් ඉන්ෂූරන්ස් ආයතනයේ ආරම්භයේ පටන් ආයතනයේ මෙහෙයුම් කටයුතු කළ ප්‍රධාන විධායක නිළධාරී ජීවනී කාරියවසම් ප්රමුඛ කාර්ය මණ්ඩලයද,සශික ජයතිලක සහ සප්ටිවෙ අංශයේ සියලු නිලධාරීන්ද, රක්ෂණ විකුණුම් ක්ෂේත්රයේ පරිනතයෙකු ලෙස ප්‍රචලිත ඩෙනිස් හේවාගම ප්‍රධාන විකුණුම් නිළධාරී ප්රමුඛ විකුණුම් බලකාය සහ සෙසු සියලු නිළධාරීන් එක්ව දින දින ජය කෙහෙළි නන්වන රක්ෂණ කඳවුරේ ප්‍රමුඛයා පීපල්ස් ඉන්ෂූරන්ස් රක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛයෙකු ලෙස බව යළි යළිත් තහවුරු වී හමාරය.
Video Story