December, 18, 2015
දැනට ශ්‍රී ලංකාවේ තිබෙන සියලූම රක්ෂණ සමාගම් සිය ප්‍රතිරක්ෂණ අවශ්‍යතාවලින් 30% ක් ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් සලසා ගැනීම අනිවාර්ය නීතියකි.
මෙහිදී සපයනු ලබන ප්‍රතිරක්ෂණ ආවරණය තුළින් පැනනැඟිය හැකි කවර හෝ අසාමාන්‍ය හානියක් හේතුකොට ගෙන ජාතික රක්ෂණ භාර අරමුදලට භාර ගැනීමට සිදුවන අවදානම් අවම කරලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
මෙහිදී විදේශීය ප්‍රතිරක්ෂණ සමාගම්වලින් ප්‍රතිරක්ෂණ ආවරණ ලබා ගැනීම පිණිස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇත.
Video Story