January, 7, 2025
* රජයේ මුද්‍රණාලය, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, මැතිවරණ කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒ යටතේ ක්‍රියාත්මක වන රජයේ ආයතන, සියලුම විශ්වවිද්‍යාල, රජයේ සියලුම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වෙතින් බැහැර කරනු ලබන තත්ත්වයෙන් උසස් සුදු කඩදාසි ඇතුළු ඉවතලන කඩදාසි තොග, සීමාසහිත ජාතික කඩදාසි සමාගම විසින් ප්‍රවාහන පහසුකම් සැපයීමේ පදනම මත නොමිලේ සීමාසහිත ජාතික කඩදාසි සමාගම වෙත භාර දීම.
* අනෙකුත් රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සහ රජයට අනුබද්ධිත සියලුම ආයතනවල පවතින ඉවතලන කඩදාසි තොග, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අදාළ ආයතන හා සීමාසහිත ජාතික කඩදාසි සමාගම එකඟවන සහනදායී මිලකට එකී සමාගම වෙත භාර දීම.