October, 15, 2024
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ආයතන සඳහා ආරක්ෂක සේවා සැපයීම පිණිස සීමිත තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින්, සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම, සීමාසහිත එල්.ආර්.ඩී.සී.පුද්ගලික සමාගම සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් ද, මධ්‍යම පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය සහ වයඹ පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන වයඹ පළාත් මානව සම්පත් සංවර්ධන අධිකාරිය වෙතින් අදාළ පළාත්වල පිහිටා ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගැනෙන රෝහල්/ආයතන සඳහා ලංසු කැඳවා ඇත.
ඒ අනුව, සීමාසහිත එල්.ආර්.ඩී.සී.සේවා (පුද්ගලික) සමාගම විසින් සියලුම රෝහල් සඳහා ද මධ්‍යම පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය විසින් එම පළාතේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගැනෙන රෝහල් සඳහා ලංසු ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සහ සෞඛ්‍ය අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, අදාළ ආරක්ෂක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව 2024-10-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06ක කාලයක් සඳහා සීමාසහිත එල්.ආර්.ඩී.සී.සේවා (පුද්ගලික) සමාගම වෙත පිරිනැමීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.