December, 21, 2015
Franklin Templeton Investments හි අරමුදල් කළමනාකර මාර්ක් මෝබියස් මහතා පසුගියදා මෙරට සංචාරයක යෙදුනේය. සිය සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සංචාරය කිරීමට ඔහු වග බලා ගත්තේය. එසේම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද ඔහුට සිය සංචාරයේ දී අවස්ථාව උදා වුණි.
තම සංචාරය පිළිබඳව සටහනක් තබමින් මාර්ක් මෝබියස් මහතා රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විශේෂ සඳහනක් කර ඇත.
රාජ්‍ය ව්‍යවසාය සියල්ල එක්කොට සිංගප්පූරුවේ Temasek Holdings මෙන් State Holding Corporation Limited ඇති කිරීමට පියවර ගෙන තිබේ. මෙහිදී අකාර්යක්ෂම හා දූෂිත රාජ්‍ය සේවකයින් වෙනුවට අත්දැකීම්ලත් විධායකයින් විසින් මෙම ආයතනය මෙහෙයවනු ඇත.
මෙම ව්‍යවසායේ කොටස්, මහජන ධනභාරයක් මගින් මහජනයාට පැවරෙනු ඇත. එහි භාරකරුවන් ලෙසින් මහාභාණ්ඩාගාරරෙය් ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා කටයුතු කිරීමට නියමිතය. මෙහිදී දේශීය හා විදේශීය ආයෝජකයින් හට මෙම කටයුත්ත හා සම්බන්ධ වෙනු ඇත. එසේම අනෙකුත් හේටල් හා ආරෝග්‍යශාලා වැනි උපක්රමික නොවන ව්‍යවසායන් පෞද්ගලික අංශයට විකුණා දැමෙනු ඇත. මීට අමතරව සේවා නියුක්තියන්ගේ භාර අරමුදල හා සේවක අර්ථසාධක අරමුදල එක්කිරීමෙන් ජාතික විශ්‍රාමික අරමුදලක් ස්ථාපිත කිරීමට නියමිතය.
ගනුදෙනු කළ නොහැකි ආර්ථිකයක සිට ගනුදෙනු දෙනු කළ හැකි ආර්ථිකයක් දක්වා ගමන් කිරීමේ අවස්ථාව මෙමඟින් උදාවේ. වසර 2000 දී දළදේශීය නිෂ්පාදිතයෙන් 30% ක් පමණ වූ අපනයන අද වන විට 12% කට පමණ පහළ බැස ඇත. ඉන්දියාව ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අපනයන වෙළෙඳපොළකි. එහෙත් ශ්‍රී ලංකාවේ අපනයනවලින් ඉන්දියාවට යන්නේ 6% ක් පමණ ප්රතිශතයකි. චීනයට 1% කි. 50% කට වඩා යන්නේ එක්සත් ජනපදයට සහ යුරෝපීය සංගමයටයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් 2015 වසරේ දී ඇස්තමේන්තුගත කරන ලද ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිත වර්ධනය 6% කි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයාගේ ඇස්තමේන්තුව ඊට වඩා වැඩිය. 2010 වසරේ දී ඩොලර් මිලියන 516 ක්වූ සෘජු විදෙස් ආයෝජන 2014 වසරේ දී සතුටුදායක ලෙසින් ඩොලර් බිලියන 1.685 ක් දක්වා වර්ධනය වී ඇත. මෙම තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි සිතිය හැකිය.
අපගේ මෙම සංචාරය තුළ දී ඉතා විශාල විදෙස් ආයෝජන ආකර්ෂණිය කර ගැනීමේ අවස්ථාව ලංකාවට තිබෙන බව දක්නට ලැබුණි. එහි කොටස්කරුවෙකු වීමට අප බලාපොරොත්තු වන්නෙමු. එසේම විදෙස් ආයෝජන අද්දවා ගැනීම සඳහා හිතකර බදු ප්රතිපත්තීන් හඳුන්වා දෙනු ඇත යන්න අපගේ විශ්වාසයයි.
ඡායාරූපය - මාර්ක් මෝබියස් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාව
Video Story