October, 22, 2015
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අමතරව ජාතික වශයෙන් මිල මට්ටමේ සිදුවන වෙනස්කම් නියෝජනය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා 2013 වර්ෂය පදනම් වර්ෂය ලෙස ගැනීමටත් 2015 නොවැම්බර් 21 වන දිනෙන් ආරම්භව සෑම මසකම 21 වන දිනයේදී මෙම ජාතික පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත්කිරීමටත් රජය අදහස් කර ඇත.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පිලියෙල කරන කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් කොළඹ නගර සීමාව තුළ සිදුවන මිල වෙනස්කම් පිළිඹිබු වුවත් ජාතික මට්ටමින් මිලේ සිදුවන වෙනස්වීම් නිරූපණය වන්නේ නැත.
Video Story