May, 12, 2018
රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති වීමට නම්, දේශපාලන ස්ථාවරත්වය ස්ථාපිත කිරීම ඉතා වැදගත් කරුණක් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මීට පෙර අවස්ථා කිහිපයක දීම කියා සිටියේය. මෙහිදී පවතින තත්ත්වය තුළ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී තිබේ දැයි අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසීය.
“රජයේ අස්ථාවරත්වය ඇතිවුණේ පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලත් එක්ක. ඊට පස්සේ සිදුවීම් කිහිපයක්ම වුණා. සක්‍රීය බැරකම් කළමනාකරණ පනත සම්මත වුණා. නොවැම්බර් සිට අක්‍රීය වී තිබුණු දේශීය ආදායම් පනත දියත් වුණා.“
“අපේ පාර්ශවයෙන් වැඩි ප්‍රමුඛතාවයක් දුන්නා මූල්‍ය නීති පනත සංශෝධනය කිරීමට. නම්‍යශීලී උද්ධමන ඉලක්ක තබා ගැනීම සඳහා. වඩා වැඩියෙන්ම වැදගත් වුණේ මිල සූත්‍රය හඳුන්වා දීම. දේශපාලනික වශයෙන් එය අපහසු දෙයක්. “
“අවසානයේ දී ආණ්ඩුවේ කටයුතු ඵලදායී ලෙස ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම අවශ්‍ය කරන තීරණ නිසි පරිදි ගැනීමත් අත්‍යාවශ්‍යයි.“
මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ සම්පූර්ණ ප්‍රතිචාරය පහතින් නැරඹිය හැකිය.
Video Story