January, 14, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා ජාලයක් වන HUTCH තවත් ප්‍රජා සත්කාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මෙම හවුල්කාරීත්වය යටතේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ජනතාව අතර බෙදාදීම සඳහා HUTCH විසින් විද්‍යුත් පාපැදි තොගයක් පරිත්‍යාග කරන ලදි.
සිය එදිනෙදා ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීමේදී නොයෙක් දුෂ්කරතාවන්ට මුහුණ දෙන ග්‍රාමීය ජනතාවට මෙම විද්‍යුත් පාපැදි ඉමහත් සහනයක් වනු නිසැක ය. විද්‍යුත් පාපැදි යනු වියදම් අවම, තිරසාර ප්‍රවාහන මාධ්‍යයකි. ශ්‍රී ලාංකිකයන්ට වඩාත් සුවපහසු, තිරසාර හා සම්බන්ධිත ජීවිත ගතකිරීමට අවස්ථාව සලසා දෙන අතරම විවිධ දුෂ්කරතාවලින් පෙළෙන ජනතාවට වඩාත් ශක්තිමත් ලෙස අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබාදීම සඳහා HUTCH දක්වන උනන්දුව හා කැපවීම මෙම හවුල්කාරීත්වය මගින් මැනැවින් නිරූපණය වේ.
මෙම වැඩසටහනෙහි වැදගත්කම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, HUTCH ප්‍රධාන විධායක නිලධාරී සෞමිත්ර ගුප්තා මහතා මෙසේ පැවසී ය. “ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්මට මුල් තැන දෙන ජාලයක් වශයෙන්, මේ ආකාරයට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පවුල්වලට අත්වැලක් වීමට හැකි වීම පිළිබඳව අප නිහතමානීව සතුටු වනවා. මෙය ප්‍රජාවන් සවිබල ගන්වමින් වඩාත් දීප්තිමත් අනාගතයක් හිමි තිරසාර ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා අප දරන උත්සාහයෙහිම කොටසක් ලෙස හැඳින්වීමට පුළුවන්.”
මෙම විද්‍යුත් පාපැදි භාරදීමේ උත්සවය 2024 දෙසැම්බර් 05 දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. HUTCH සහ සේවා වනිතා ඒකකය අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය දීර්ඝකාලීන හා ඵලදායී හවුල්කාරීත්වයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වනවිටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව රට පුරා ප්‍රජා සත්කාර වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇති අතර, ඒ ඔස්සේ මෙබඳු පරිත්‍යාගයක් අත්‍යවශ්‍ය පවුල් හඳුනාගෙන එම පවුල් වෙත මෙම විද්‍යුත් පාපැදි ලබාදීමට ඔවුන් කටයුතු කරනු ඇත.
HUTCH හි ප්‍රජා සත්කාර අභිලාෂයන් මෙම වැඩසටහනට සීමා නොවන අතර, ඉදිරියේදී සේවා වනිතා ඒකකය මෙන්ම තවත් සංවිධාන හා ආයතන රැසක් සමග අත්වැල් බැඳගනිමින්, ජනතාවගේ යහපත වෙනුවෙන් තවත් වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීමට HUTCH සැලසුම් කර තිබේ. ඒ ඔස්සේ, හුදෙක් සම්බන්ධතා පහසුකම් සැපයීමෙන් ඔබ්බට ගොස් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ යහපැවැත්ම වෙනුවෙන් කැපවුණු දයාන්විත සන්නාමයක් ලෙස තමන් සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීම HUTCH හි අරමුණ වී ඇත.
HUTCH Sri Lanka පිළිබඳව
ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන HUTCH Sri Lanka සමාගම, CK Hutchison Holdings (CKHH) හි අනුබද්ධ සමාගමකි. හොංකොං පදනම් කරගත් Fortune 500 සමාගමක් වන, රටවල් 50 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති CK Hutchison Holdings සමාගම ප්‍රධාන ක්ෂේත්‍ර 6 තුළ ක්‍රියාත්මක වන අතර එය 2023 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 60 කට ආසන්න ආදායමක් වාර්තා කිරීමට සමත් විය.
1997 වසරේදී මෙරට තුළ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ HUTCH විසින් 2004 වසරේදී GSM සේවාවන් දියත් කරන ලද අතර, ඉන් අනතුරුව 2011 වසරේදී 3G සේවාවන්ද, 2018 වසරේදී 4G සේවාවන්ද හඳුන්වා දෙන ලදි. 2019 වසරේදී Etisalat Sri Lanka සමාගම අත්පත් කරගැනීමත් සමග HUTCH හි වෙළඳපොළ ආවරණය තවදුරටත් ශක්තිමත් වූ අතර, ඒ හේතුවෙන් පාරිභෝගිකයන්ට 078 මෙන්ම 072 අංක යටතේ ජංගම දුරකථන සේවාවන් පිරිනැමීමට සමාගමට හැකියාව ලැබිණි. මේ වන විට HUTCH 4G ජාලය මගින් ශ්‍රී ලාංකික ජනගහනයෙන් 95% ක්ම ආවරණය වන අතර, ඉදිරියේදී රටේ ඩිජිටල් සැලසුම්වලට අත්වැලක් වෙමින් 5G සේවාවන්ද හඳුන්වා දීමට සමාගම සැලසුම් කර ඇත.
රටේ දුරබැහැර ප්‍රදේශවල ජනතාවට පවා සන්නිවේදනය, ව්‍යාපාර කාර්යක්ෂමතාව සහ විනෝදාස්වාදය සඳහා අවශ්‍ය දුරකථන සන්නිවේදන පහසුකම් සපයන HUTCH, සහනදායී හා විශ්වාසනීය සම්බන්ධතා පහසුකම් ඔස්සේ මෙරට දුරකථන සන්නිවේදනය ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටී.
Video Story