රට හැරගිය බුද්ධිමතුන් ගෙන්වා ගැනීමට වෙනමම කාර්යංශයක්

    September, 1, 2015

    ශ්‍රී ලංකාවෙන් වෙනත් රට වලට ගොස් සේවය කරන බුද්ධිමතුන්ට නැවතත් මෙරටට පැමිණ සේවය කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාවේදී ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම පිළිගෙන මෙරටට පැමිණෙන බුද්ධිමතුන් රතු පලසක් යොදා පිළිගැනීමට කටයුතු කරන බව සඳහන් කළේය.

    මීට අමතරව, බුද්ධිමතුන් මෙරටට නැවත ගෙන්වා ගැනීම සම්බන්ධීකරණය කිරීමට වෙනමම කාර්යංශයක් පිහිටුවන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    බුද්ධිගලනය මෙරට මුහුණ දෙන කැපී පෙනෙන ප්‍රශ්නයක් වන අතර ලංකාවෙන් වෙනත් රටවලට ගොස් විශාල බුද්ධිමතුන් ප්‍රමාණයක් මේ වනවිට සේවය කරයි.

    Video Story

    Stock Market

    Exchange Rates