March, 24, 2016
රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට සවියක් වෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ‘විරුසර වරප්‍රසාද‘ ව්‍යාපෘතිය හා අත්වැල් බැඳගනියි
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාකෂණ විසඳුම් සැපයුම්කරුවා වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය රජය විසින් ක්‍රියාත්මක කරනු ලැඛෙන ක්‍රියාදාමයක් වන ‘විරුසර වරප්‍රසාද‘ සමග අත්වැල් බැඳගත් බව නිල වශයෙන් නිවේදනය කර සිටී. මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වන්නේ රට ජාතිය වෙනුවෙන් අනභිභවනීය කැපවීමක නිරත වූ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් වටිනාකමක් ලබා දීමයි. පසුගියදා ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානයේදී පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කරන ලදි.
https://www.youtube.com/watch?v=nG_14dssCrA
ශ්‍රී ලංකාව හා එහි පුරවැසියන්ගේ ජීවිත ආරකෂා කිරීම සඳහා දිවි පරදුවට තබා යුධ, නාවික, ගුවන් හමුදා, පොලිසිය හා සිවිල් ආරකෂක බලකායට අනුබද්ධිතව සේවය කොට මියගිය, ආබාධිත තත්ත්වයට පත් වූ හෝ විශ්‍රාමික නිලධාරීන් වෙනුවෙන් ලබා දෙන සුභසාධන වරප්‍රසාද තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ආරකෂක අමාත්‍යාංශය විසින් විරුසර වරප්‍රසාද කාඩ් පත හඳුන්වා දෙන ලදි. මෙම නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් හට ද මෙහි ප්රතිලාභ භුක්ති විඳීමට අවස්ථාව සලසා ඇත. විවිධ ආයතන රැසකින් ආකර්ෂණීය දීමනා රැසක් ලබා ගැනීමට මෙම කාඩ් පත් හිමියෝ සුදුසුකම් ලබති. ඔවුන්ගේ වෛද්‍ය ප්‍රතිකාර, ප්‍රවාහන, බැංකුකරණ, මූල්‍ය පහසුකම් හා විදුලිසංදේශන අවශ්‍යතා මෙන්ම තවත් නිෂ්පාදන හා සේවා රැසක ඵල නෙළා ගැනීමට මේ අනුව හැකි වේ.
තම ජීවිතවලට අදාළ සිහින සැබෑ කර ගැනීමට සවිබලයක් මෙවැනි පුද්ගලයන් වෙත ලබා දීම තුළින් ඔවුන්ගේ ජීවිත වෙනසකට බඳුන් කිරීමේ අරමුණින් ජාතික මට්ටමින් වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරනු ලැඛෙන මෙම මහඟු කර්තව්‍යය හා එක් විය. මෙම වැඩසටහන හරහා නවතම තොරතුරු හා සන්නිවේදන තාකෂණ විසඳුම් විශිෂ්ට සේවා තත්ත්වයක් යටතේ, ඉතාම ආකර්ෂණීය මිල ගණන්වලට වට්ටම් ද සහිතව ලබා ගැනීමේ අවස්ථාව යුධ විරුවන් වෙත හිමි වේ. විරුසර වරප්‍රසාද පැකේජය යටතේ රණවිරුවන්ට ලබා ගත හැකි ප්රතිලාභ කිහිපයක් පහත දැක්වේ:
මෙගාලයින් නව සබඳතා
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ලබා දෙනු ලබන මෙගාලයින් හඬ පැකේජය මිල දී ගැනීමේදී සබඳතා ගාස්තුවෙන් 80% ක් ඉක්මවන වට්ටමක් ලබා දේ. නොමිලේ ලබා දෙනු ලබන වයිෆයි රවුටරයක් සමග ලබා දෙන මෙගාලයින් double play (බ්‍රෝඩ්බෑන්ඩ්) පැකේජය සඳහා සබඳතා ගාස්තුවෙන් 57% ක වට්ටමක් ලබා දෙන අතර නොමිලේ ලබා දෙනු ලබන set top box උපාංගය හා රවුටරය සමග ලබා ගත හැකි මෙගාලයින් double play (පියෝ ටීවී) පැකේජයේ සබඳතා ගාස්තුවට දෙනු ලබන වට්ටම 54% කි. මෙගාලයින් triple play පාරිභෝගිකයන් සඳහා සබඳතා ගාස්තුවෙන් 50%ක වට්ටමක් හිමි වන අතර මෙම පැකේජයටද නොමිලේ ලබා දෙනු ලබන set top box උපාංගයක් හා රවුටරයක් ඇතුළත්ය. විරුසර වරප්‍රසාද වැඩසටහන යටතේ සියලූම පැකේජ ලබා දෙනු ලබන්නේ විශේෂ අඩු කළ මිල ගණන් යටතේ ය.
ඉහළ පැකේජ වෙත මාරු වීම
Double play (බ්‍රෝඩ්බෑන්ඩ් හෝ පියෝ ටීවී) හෝ triple play පැකේජ ඉහළ නංවා ගැනීමට අපේකෂා කරන එස් එල් ටී පාරිභෝගිකයන්ගෙන් අදාළ පැකේජ සඳහා ආරම්භක ගාස්තුවක් අය නොකෙරෙන අතර අවශ්‍ය මූලික උපකරණ සියල්ල ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරව රණවිරු පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ලැබේ.
විශේෂ පියෝ ටීවී “විරුසර වරප්‍රසාද“ පැකේජය
විරුසර වරප්‍රසාද කාඩ් පත් හිමියෝ් විශේෂයෙන් ලබා දෙනු ලබන නාලිකා 42 කින් සමන්විත විරුසර පියෝ ටීවී පැකේජය සඳහා ද සුදුසුකම් ලබති. ආරම්භක ගාස්තුවක් අය නොකෙරෙන මෙම පැකේජය සඳහා අය කරනු ලැඛෙන මාසික ගාස්තුව රු. 550/- පමණි. මීට අදාළ රවුටරය හා set top box උපාංගය ද ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් නොමිලේ සපයනු ලබයි.
සිටිලින්ක් CDMA
මෙම කාඩ් පත් හිමියන්ට නව සිටිලින්ක් සබඳතා ලබා දෙන විට ආරම්භක ගාස්තුවෙන් 50%ක වට්ටමක් හිමි වන අතර පහසු ගෙවීමේ ක්‍රමයට නව කෝඩ්ලස් දුරකතන උපාංග මිලදී ගැනීමට ද අවස්ථාව හිමි වේ. මීට අමතරව, විශේෂ අඩු කළ ඇමතුම් ගාස්තු ද මීට අදාළ ය.
සිසු කනෙක්ට් සේවාව
එස් එල් ටී සිසු කනෙක්ට් යනු දෙමාපියන්ට තම දරුවන් අත මුදල් හෝ ජංගම දුරකතනයක් නොමැති අවස්ථාවල පවා ඔවුන් ගැන සොයා බලමින් ළඟින් සිටීමට මග පාදන සුවිශේෂී සේවාවකි. විරුසර වරප්‍රසාද වැඩසටහන යටතේ රණවිරුවන් හා ඔවුන්ගේ ආසන්නතම පවුල් සාමාජිකයන් හට ද තම දරුවන් නිවසින් බැහැර ව සිටින විට ඔවුන් ගැන සොයා බැලීම සඳහා මාසික ගාස්තු ගෙවීමකින් තොරව සිසු කනෙක්ට් පැකේජ ලබා ගැනීමේ මහඟු අවස්ථාව හිමි වේ. අදාළ ඇමතුම් සඳහා විශේෂ අඩු කළ ගාස්තු අය කෙරේ.
ජාතික තොරතුරු හා සන්නිවේදන තාකෂණ විසඳුම් සැපයුම්කරුවා වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙය වටහා ගන්නේ හැකි උපරිමයෙන් දායකත්වය දැක්විය යුතු තම ආයතනික වගකීමක් ලෙසිනි. මෙම වරප්‍රසාදය හිමි වන රණවිරුවන් මෙන් ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද ජාතියේ හිතසුව පිණිස සිදු කර ඇති කැපවීම අති මහත් ය. මෙම අභිමානවත් රණවිරුවන් මුහුණ පා සිටින ආබාධිත තත්ත්ව, අහිමි වූ ජීවිත සහ දෙමාපියන්ට තම දරුවන් සමග ගෙවීමට තිබූ එහෙත් රට ජාතිය යෙනුවෙන් සිදු කළ කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස අහිමි වූ කාලය අන් කිසිදු විකල්පයකින් හිලවු කළ නොහැකි වටිනාකම් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙය, මේ උතුම් මිනිසුන්ගේ ජීවිතවල සිහින සැබෑ කර ගැනීමට සිදු කළ හැකි ඉතාම සුළු හෝ මෙහෙවරින් කොටසක් පමණි.
එස් එල් ටී විරුසර වරප්‍රසාද දීමනාව 2016 අප්‍රේල් 04 දින සිට ක්‍රියාත්මක වීමට නියමිත ය. මේ පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට දවසේ පැය 24 පුරාම 1212 අංකය මගින් ශ්‍රී ලංකා ටෙලිකොම් ක්ෂණික ඇමතුම් සේවාව හා සම්බන්ධ විය හැක.
Video Story