මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය (රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය) රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව 2023.02.27 දින පැවති රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලදී.
එහිදී ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස එකී යෝජනාව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය වෙත යොමු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව එම නියෝජිතායතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදුව, එකී වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මත පදනම්ව මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.