රන් මිල පාලනයෙන් ගිලිහෙයි. කැරට් 22 පවුම රු. 350,000 ඉක්මවයි

    October, 15, 2025

    අද පස්වරු 1.30 පමණ වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන් දිනයේ දෙවන වරටත් ඉහළ යාමක් වාර්තා කර තිබෙන බව දෛනික රන් මිල ගණන් පිළිබඳ වාර්තා සපයන Gold Ceylon සමාජ මාධ්‍ය පවසයි.

    එහිදී ඉතිහාසයේ පළමු වරට කැරට් 22 රන් පවුමක මිල රු. 351,500ක් දක්වාත්, කැරට් 24 රන් පවුමක මිල රු. 380,000ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    මේ අතර ලෝක රන් අවුන්සයක මිල මේ වන විට ඩොලර් 4,208 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    පවතින තත්ත්වය තුළ වෙළෙඳපොළ තුළ රත්‍රං මිල පාලනයකින් තොරව ඉහළ යාමක් නිරීක්ෂණය වන බවත් මේ හේතුවෙන් රත්‍රං හිඟයක් ද නිර්මාණය වී ඇති බවත් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.