September, 23, 2025
අද (23) උදෑසන වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල ප්‍රථම වරට ලක්ෂ තුනේ සීමාව පසු කර ඇති බවට වාර්තා වෙයි.
ඒ අනුව කැරට් 24 රත්‍රං පවුමක මිල දැක්වෙනුයේ රු. 302,000ක් ලෙසයි.
මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 279,300 ක් ලෙසින් ද නියම වී ඇත.
ලෝක රන් මිල සීඝ්‍රයෙන් ඉහල යාමත් සමග මෙරට රන් මිල ඊයේ දිනට සාපේක්ෂව රු. 2000/= ඉහළ ගොස් ඇත.

Video Story