රබර් එකස්පෝ ශ්‍රී ලංකා ප්ලාස්ට් 2016 ඇරඹෙයි

    August, 5, 2016

    අඛණ්ඩව තෙවන වරටත් දිවයිනේ ව්‍යාපාරික ප්‍රජාව කේන්ද්‍ර කොට ගෙන පවත්වනු ලබන ප්‍රධාන ප්‍රදර්ශනයක් වන ශ්‍රී ලංකා ප්ලාස්ට් - 2016 ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී දියත් කරනු ලැබීය. ප්ලාස්ටික් කේන්ද්‍රගත කොට ගෙන ශ්‍රී ලංකා ප්ලාස්ට් ද, රබර් කේන්ද්‍රගත කොට ගෙන රබර් එක්ස්පෝ ද, මෙම වර්ෂයේදී ප්‍රථම වරට ඇසුරුම් මූලධර්ම කේන්ද්‍රගත කොට ගෙන කම්පැක් ද, නිෂ්පාදන අවශ්‍යතා කේන්ද්‍රගත කොට ගෙන එන්මැක් ද යන ප්‍රදර්ශන හතරෙහි සමාරම්භය මෙම එක්ස්පෝ ප්‍රදර්ශනයේදී විද්‍යමාන විය.

    මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු ගරු අමාත්‍ය රිෂාද් බදියුදීන් මැතිතුමා, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආරින්දම් බාච් මහතා, ඉන්දියාවේ ජාතික සුඑ කර්මාන්ත සංස්ථාවේ අධ්‍යක්ෂ ශ්‍රී පී. උයදකුමාර් මහතා ද යන එක් ව සිටියහ.

    සෑම දෙනාම දන්නා පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය උදෙසා ස්ථීර තෝතැන්නක් නිර්මාණය කිරීම පිණිස ලොව අනිකුත් රටවල් සමග සුහද සමිබන්ධතාවය වර්ධනය කරගනිමින්, ජාතික සහජීවනය ඇති කරලනු වස් ධෛර්ය සම්පන්න ලෙස කටයුතු කරන යුගයක් පසුකරමින් සිටි බවත්, වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට නම් නිෂ්පාදන සහ සේවාවන්ට වටිනාකමක් එකතු කිරීම පුඑල් කළ යුතු අතර, ගෝලීය වශයෙන් වෙළදපොල කොටස් වැඩිකර ගැනීම අත්‍යවශ්‍ය බවත්, කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය රිෂාද් බදියුදීන් මැතිතුමා විසින් පවසන ලදී. එතුමා තවදුරටත් පවසා සිටියේ සංවර්ධනය කරා යන ගමනේදී නිෂ්පාදන සහ සේවාවන්ට වටිනාකමක් එකතු කිරීමට නම් රබර් සහ ප්ලාස්ටික් කර්මාන්ත විසින් නවීන තාක්ෂණය උපයෝගී කරගත යුතු බවත්, නිෂ්පාදන යටිතල පහසුකම් සහ දැනුම කළමණාකරනයේදී අවශ්‍ය ධාරිතාව ගොඩනගා ගැනීම හදිසි අවශ්‍යතාවක් බවත්, මෙම පසුබිම යටතේ ජාත්‍යන්තර සහයෝගය ද ඇතිව කර්මාන්ත ප්‍රදර්ශනයක් පැවැත්වීම ඉමහත් පිටුවහලක් බව හෙතෙම සඳහන් කළේය.

    රටවල් 10 ක් නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි 175 කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය සදහා සහභාගි කරවා තිබූ අතර, ප්ලාස්ටික්, ඇසුරුම්, රබර් සහ නිෂ්පාදනවලට අදාළ මූලිකාංග පිළිබද අත්දැකීම් එකම වහලක් යටතේ ලබාගැනීමේ අවස්ථාව එය නැරඹූ අයට ලැබිණ.

    එන්ටර්ප්‍රයිසින් ෆෙයාර්ස් ඉන්දියා (ප්‍රයිවට්) ලිමිටඩ් හි සභාපති බී. ස්වාමිනාදන් මහතා පවසා සිටියේ, ඕනෑ ම කර්මාන්තයක මෙහෙයුම්කරු වනුයේ ප්‍රදර්ශනයයි. ක්ෂේත්‍රයට අදාළ යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය යන දෙවර්ගයෙ ම වර්තමාන වර්ධනය පිලිබිඹු කරනු ලබන, ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා ඒවා උත්ප්‍රේරක ලෙස කටයුතු කරනු ලබන අතර. නවීන සහ සුදුසු තාක්ෂණික ක්‍රම දරාගත හැකි මිලකට උපයෝගී කර ගැනීමට පහසුකම් සපයයි. ඒවා ක්ෂේත්‍රයේ වර්ධනය වේගවත් කරන අතර, එමගින් නව ව්‍යවසායකයින් සහ නව රැකියා අවස්ථා නිර්මාණය කරනු ලබයි.

    මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකා ප්ලාස්ටික්ස් සහ රබර් ආයතනයේ ද සහයෝගය ඇතිව එන්ටර්ප්‍රයිසින් පෙෆාර්ස් ඉන්දියා (ප්‍රයිවටි) ලිමිටඩ් විසින් සංවිධානය කරන ලදී. 2023 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය විසින් එක්සත් ජනපද ඩොලර් බිලියන 5 ක ඉලක්කයක් සපුරා ගැනීම අවධාරණය කරමින් මෙම වර්ෂයේදී පවත්වන ලද ප්‍රදර්ශනය විශාල සහ වඩාත් සාර්ථක එකක් බවට සැලකිය හැකි ය. ජර්මනිය, චීනය, තායිවානය වැනි රටවලින් පැමිණි ප්‍රදර්ශකයින් මෙම වර්ෂයේදී පවත්වන ලද එක්ස්පෝ ප්‍රදර්ශනය වෙනුවෙන් යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවනු ලබන ආකාරය, උපයෝගී යාන්ත්‍රික කොටස් සහ නව පන්නයේ අමුද්‍රව්‍ය වැනි දෑ ඉදිරිපත් කර තිබූ ආකාරයක් දැකිය හැකි විය.

    ශ්‍රී ලංකා ප්ලාස්ට් 2016 ප්‍රදර්ශනයට සමගාමීව සී ඊ ඕ (CEO) - පෝරමි 2016 , ශ්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ කථානායකවරු ප්‍රමුඛ කොට ගනිමින් සිය සමාරම්භක උත්සවය පවත්වන ලදී. මෙම එකස්පෝ ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාව තුළ දී "රබර් කර්මාන්තයේ වර්ධනීය අවස්ථා" අග්නිදිග ආසියාවේ පොලිමර් සඳහා වන මිල ගණන් සහ නැඹුරුවීම් යන ඉහළ මාතෘකා යටතේ කටයුතු කරනු ඇත.

    එක්ස්පෝ ප්‍රදර්ශනය සඳහා සම සංවිධායකත්වය ශ්‍රී ලංකා ප්ලාස්ට්ක් සහ රබර් ආයතනය දරන අතර, ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ ඉන්දියාවේ ප්ලාස්ටික් අපනයන ප්‍රවර්ධන සභාව යන ආයතනවල සහයෝගය ඇතිව 2016 අගෝස්තු මස 5 - 7 දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත.