June, 14, 2016
ශරියා සම්ප්‍රදායන්ට අනුකූල මැලේසියාවේ පළමු ගුවන් සේවය වූ රයානි එයාර් ගුවන් සේවය ඊයේ සිට වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.
පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙම ගුවන් සේවය හඳුන්වා දෙනු ලැබූ අතර ගුවන් කාර්ය මණ්ඩලයේ මුස්ලිම් ජාතික සාමාජිකාවන් හිජාබ් ඇඳුමින් සැරසීම අනිවාර්ය වීමත්, වෙනත් ජාතික සාමාජිකාවන්ට ශරීරය අනාවරණය වූ ඇඳුම් තහනම් වීමත් මෙම ගුවන් සේවයේ ප්‍රධාන ලක්ෂණයක් විය. එසේම මෙහි සපයනු ලබන සියලූම ආහාර හලාල් ඒවා වූ අතර මත්පැන් පිළිගැන්වීම තහනම් කර තිබිණි.
කෙසේ වෙතත් මෙම ගුවන් සේසවය සම්බන්ධයෙන් ගුවන් මගීන් ගණනාවකගෙන්ම පැමිණිලි ලැබී තිබුණු බව මැලේසියානු ගුවන්සේවා අධිකාරිය ප්‍රකාශ කර සිටී. නිරන්තර ප්‍රමාදවීම් හා අවසාන මොහොතේ ගුවන් වාර අවලංගු කිරීම් ඒ අතර ප්‍රධාන වී තිබේ.
ගුවන්සේවා නීතිරෙගුලාසි උල්ලංඝනය කිරීමේ හේතුව මෙත මැලේසියානු බලධාරීන් මෙම පියවර ගෙන තිබේ.
මෙම තීරණය පිළිබඳ යළිත් වරක් සලකා බලන ලෙස රයානි එයාර් ගුවන් සේවය විසින් බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
Video Story