රයිගම් ටෙලීස් කල් යයි

    May, 29, 2017

    අයහපත් කාලගුණය හේතුවෙන් සිය ගනුදෙනුකාර හා පාරිභෝගික භවතුන් ඇතූළු සමස්ත ජනතාව වෙත බලපා ඇති පීඩාකාරී තත්ත්වය පිළිබඳව “ද කිංඩම් ඔෆ් රයිගම්“ අතිශයින් කණගාටුවට පත්වන බව දැනුම් දී සිටී.

    මේ හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ප‍්‍රමුඛ අවධානය යොමුකිරීමට ඉඩ සලසමින් 2017 ජුනි මස 03 වන දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබූ 13 වන රයිගම් ටෙලීස් උළෙල කල් දැමූ බවත් උළෙල පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ලබන බවත් “ද කිංඩම් ඔෆ් රයිගම්“ වැඩිදුරටත් දන්වා සිටී.

    රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය

    විමසීම්
    0771 061508 - කුමාර
    0771 061976 - චතුරි
    0771 061600 - පූර්ණා