රවී ඉල්ලා අස්වෙයි – ආඩම්බරයෙන් ගත් තීරණයක්

    August, 10, 2017

    විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය තනතුරින් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

    මෙහිදී හිටපු කරුණානායාක මහතා වැඩිදුරටත් කියා සිටියේ තමන් පසුපෙළ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරනු ලබන බවයි.

    තමන්ට එල්ල වී ඇති චෝදනා හරහා එක්සත් ජාතික පක්ෂය හා යහපාලන රජය බිඳහෙලීමේ කුමන්ත්‍රණයක් දියත් වන බවත් එබැවින් ඊට ඉඩ දීමට තමන් කටයුතු නොකරන බවත් කරුණානායක මහතා පැවසීය.

    තමන් ගත් මෙම තීරණය කම්පාවෙන් ගත් එකක් නොව, ආඩම්බරයෙන් ගත් තීරණයක් බව කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    “මම ඉල්ලා අස්වීමේ තීරණය ගත්තේ දුකෙන් හෝ කම්පාවෙන් නොවෙයි. ආඩම්බරයෙන්. මම මගේ තනතුර කැපකරන්නේ මේ සභාවේ ගරුත්වය වෙනුවෙන්. මම මගේ තනතුර කැපකරන්නේ අපේ පක්ෂයට සැබෑවෙන් උදව් කරන මැතිඇමතිවරු හා පසුපෙළ මන්ත්‍රීවරු වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන්. ශීලාචාර පාලන ක්‍රමයක් වෙනුවෙන්. රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් යහපාලන සම්මුතිවාදී රජය වෙනුවෙන්. මෙම මේ තීරණය ගැන ආඩම්බර වෙනවා“, යැයි ඔහු පැවසීය.