රවී ඩයස් සෙලාන් සභාපති පුටුවට

    May, 5, 2016

    සෙලාන් බැංකුවේ අභිනව සභාපතිවරයා වශයෙන් රවී ඩයස් මහතා පත් කර තිබේ. මෙම පත්වීම 2016 මැයි මස 09 වන දින සිට බලපවත්වනු ලැබේ.

    සෙලාන් බැංකුවේ වත්මන් සභාපති ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතා මැයි 09 වන දින සිට විශ්‍රාම යාමට නියමිතය. බැංකු පනත අනුව වාණිජ බැංකුවක සභාපතිධූරය දැරිය හැකි උපරිම වසය අවුරුදු 70 ක් වන අතර මැයි 09 වන දින නිහාල් ජයමාන්න මහතා 70 වෙනි වියට එළඹීම හේතුකොට ගෙන මෙම පියවර ගෙන ඇත.

    වෘත්තීයමය බැංකුකරුවකු වන රවී ඩයස් මහතා දීර්ඝ කාලයක් පුරාවට කොමර්ෂල් බැංකුවෙහි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් සේවය කර තිබේ. ඒ මහතා කොමර්ෂල් බැංකුවෙන් 2014 ජූලි මාසයේ දී සමුගන්නා ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates