රවී-ලගාර්ඩ් සාකච්ඡා සාර්ථකලු. IMF ලොක්කෙක් ළඟදීම එයි

    February, 19, 2015

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටීන් ලගාර්ඩ් (Christine Largarde) මහත්මිය සමග වොෂින්ටනයේදී සිදුකළ සාකච්ඡා වලින් පසුව මූල්‍ය අරමුදලේ කළාපීය ප්‍රධානීයා ළඟදීම ලංකාවට පැමිණීමට සූදානම් වේ.

    මෙම සාකච්ඡා පිළිබඳව මුදල් අමාත්‍යවරයා සහ මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ඒකාබද්ධව නිකුත් කර තිබෙන නිවේදනයේ දැක්වෙන්නේ මෙම සාකච්ඡා සාර්ථක බවත් මෙහිදී ලංකාවේ ආර්ථික කරුණු පිළිබඳව සාකච්ඡා වූ බවයි.

    මීටපෙර, මාධ්‍ය විසින් අනාවරණය කළේ වොෂින්ටනය බලාගිය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රධානීත්වය දරන ඉහළ පෙළේ ධූත කණ්ඩායම විසින් මෙරට ගෙවුම් ශේෂයට (balance of payments) සහනයක් ලෙස ඩොලර් බිලියන 04 ක පමණ සහන ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට සාකච්ඡා සිදුකරන බවයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2009 වසරේදී ලංකාවට ඩොලර් බිලියන 2.5 ක සහන ණයක් ලබාදීමට කටයුතු කළේය.
    ලංකාව ලබාගෙන තිබෙන වැඩි පොලී ණය ප්‍රතිව්‍යුහගත (restructure) කිරීමටද නව රජය අදහස් කර ඇත.