රාජධානියක අසිරිය කැන්දමින් වෝටර් ගාර්ඞ්න් සීගිරිය හෝටලය විවෘත වෙයි

    October, 4, 2016

    තේජවන්ත සීගිරි පර්වතය පසුබිම කරගනිමින් ඉදිකෙරුණු මෙරට නවතම සුඛෝපභෝගී බුටික් හෝටලය වන Water Garden Sigiriya හෝටලය පසුගියදා නිල වශයෙන් විවෘත කෙරිණ.

    රාජකීය වටාපිටාවක පිහිටා ඇති හෝටලය ඓතිහාසික වශයෙන් පෝෂණය වූ සීගිරිය ප‍්‍රදේශයේ සාරය සංචාරකයින්ට පිරිනමයි. ඒ සීගිරියේ අතිශය දැකුම්කළු දර්ශන රටා මවමින් හා සැබෑ ගැමි අත්දැකීමක සුන්දරත්වය කැටි කර දෙමිනි.

    ”මෙම හෝටලය ඉදිකිරීමේ වෑයම බොහොම රසවත් එකක්. ඒ සඳහා ගතවුණු සෑම මොහොතක්ම බොහොම විනෝදයෙන් ගෙවුණා. අපේ මූලික අදහස දිහා බලද්දි ඇත්තෙන්ම බලාපොරොත්තු වූවාටත් වඩා විශිෂ්ට නිමාවක් ප‍්‍රතිඵලයක් දකින්න තියෙනවා. ඉතින් ඔබත් මේ සුන්දරත්වය දැකගනීවි, ඊට ආදරය කරාවි යන්නයි අපේ අපේක්ෂාව” යැයි යූනියන් රෙසෝර්ට්ස් ඇන්ඞ් ස්පාස් සමාගමේ සභාපති අජිත් විජයසේකර මහතා පැවසීය.

    අන් තැනකදී දැකගත නොහැකි තරම් සීගිරි බලකොටුවේ අසමසම දර්ශන ගෙනෙන හෝටලය අක්කර 35ක් පුරා පැතිර පවතී. එහි ඇති සුඛෝපභෝගි විලා 30න් 06ක්ම ජලය මත ඉදිව තිබේ. බාර්, අවන්හල, පිහිනුම් තටාක, ස්පා ඇතුළු හෝටලයේ සියලූ අංගෝපාංග නිර්මාණය වී ඇත්තේ සුප‍්‍රකට වාස්තු විද්‍යාඥ චන්න දස්වත්තගේ නිර්මාණශීලී හැකියාවන් තුළින් ගොඩනැගෙන සෞන්දර්යාත්මක බව මොනවට පිළිඹිබු කරමිනි.

    ”අතීත සීගිරි උද්‍යානවලට සමාන උද්‍යානයක් අපි හෝටල් පරිසරයේ ඉදි කර තිබෙනවා. එය සීගිරිය හා සසඳන්න අපි උත්සාහ කරන්නේ නැති වුණත් මෙතැනට පැමිණෙන කෙනෙක්ට නැවතත් පස්වැනි සියවස කරා ගමන් කළාක් වගේ හැඟීමක් ඇතිවීම වළක්වන්න බැහැ. මේ උද්‍යානය නිර්මාණය කරලා තිබෙන්නේත් සීගිරි පර්වතය හොඳින්ම දිස්වෙන තැනක නිසා ඒ හැඟීම වැඩියෙන් දැනෙනවා” යැයි දස්වත්ත මහතා පැවසීය.

    වෝටර් ගාර්ඞ්න් හෝටලය සතු අපූරු භූමි දර්ශනය තරමටම එහි ඇතුළත වාස්තු විද්‍යා සැලසුම් ද සුවිශේෂී ය. දේශීයත්වය මෙන්ම සමකාලීන විශිෂ්ටත්වය ද මුහු කරගනිමින් ඉතා රමණීය අයුරින් ගොඩනැගිලි ඉදි කර තිබේ. සේවාලාභීන්ට වැඩි සුවපහසුවක් නිදහසක් ලබාදෙන විලා, ප්ලන්ජ් පූල් පහසුකම් මෙන්ම ජැකූසී සහ දිගහැරිය හැකි වේදිකාවකින්ද පොහොසත් ය.

    ”අපේ සමාරම්භක උත්සවය වුණත් සාම්ප‍්‍රදායික හෝටල් විවෘත කිරීමක් වුණේ නැහැ. ¥පතක් විදිහට අප සතුව පවතින විවිධ රසයන් හැඩයන්ගෙන් සපිරි සැබෑ දේශීය අත්දැකීමක් හැමදෙනෙක්ටම සමීප කරන්න අපට අවශ්‍ය වුණා. මේ නිසා වෝටර් ගාර්ඞ්න් හෝටලය මේ කලාපයේම ප‍්‍රමුඛ විවේකී ස්ථානය බවට පත්වේවි” යැයි විජේසේකර මහතා සඳහන් කළේය.

    මනසට ශරීරියට මෙන්ම අභ්‍යන්තරයට ද විවේකී බවක් ගෙන දෙන මෙම සුන්දර නවාතැන් පොළට පැමිණෙන ලෙස නිසි වටිනාකම් හඳුනන හා රසික සංචාරකයින්ට වෝටර් ගාර්ඞ්න් හෝටලය ආරාධනා කර සීටී. එය සීගිරිය ප‍්‍රදේශයේ ස්වභාවික හා සංස්කෘතික ආශ්චර්යයන් රසවිඳ ගැනීමට ද කෙරෙන සුහද ආරාධනයකි.

    ”අපේ වුවමනාව වෝටර් ගාර්ඞ්න් සීගිරිය හෝටලයට පැමිණෙන සංචාරකයින් හරහා ලෝකයේ සෑම කොනකටම අපේ හෝටලය ගැන තොරතුරු ගමන්කරනවා දකින්නයි. එය අපහසු දෙයක් නොවේ. ඉතින් සුඛෝපභෝගීත්වය වෙනුවෙන් ඇදෙන සංචාරකයින් වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගැනීමටත් ඒ හරහා අපේ රටේ සංචාරක කර්මාන්තය නවමු මානයකට යොමුකිරිමටත් අපි බලාපොරොත්තු වෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

    https://www.youtube.com/watch?v=jgPUWVTKMGo