June, 3, 2025
2025 අයවැය කථාවේදී ආයෝජන ප්‍රවර්ධනය සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්වය සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය වෙනුවට විධිමත් නෛතික යාන්ත්‍රණයක් මත පදනම්ව නව ඒකකයක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත්, එම ඒකකය නෛතිකව ස්ථාපිත කරන තෙක් එහි මූලික කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික කටයුතු) විසින් ප්‍රධානත්වය දරන රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ඒකකයක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තුළ ස්ථාපිත කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දෙන ලදී.
Video Story