July, 21, 2025
2025 ජනවාරි සිට මැයි දක්වා මාස 05ක කාලපරිච්ඡේදය තුළ දී රු. බිලියන 1,942.36ක රාජ්‍ය ආදායමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙය 2024 වසරේ මුල් මාස පහේ රාජ්‍ය ආදායම් අගය වූ රු. බිලියන 1,619.23 හා සැසඳීමේ දී 19.95%ක වර්ධනයකි.
මේ සඳහා රජයේ බදු ආදායම මෙම වකවානුව තුළ දී රු. බිලියන 1,491.25 සිට රු. බිලියන 1,802.48 ක් දක්වා 20.87%කින් ඉහළ යාම ප්‍රධාන වශයෙන් දායක වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතිපතා නිකුත් කරනු ලබන ආර්ථික දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

Video Story