රාජ්‍ය කළමනාකරණ සේවයට අලුතින් 6000ක පමණ පිරිසක්

    February, 17, 2018

    රාජ්‍ය කළමනාකරණ සේවයට අලුතින් 6000ක පමණ පිරිසක් බඳවාගැනීමට නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් කේ. බී. පී. එම්. ජේ. ගමගේ මහත්මිය පවසයි.
    ඒ අනුව විවෘත හා සීමාත ධාරාවන්ගෙන් සුදුසුකම් ලැබු පිරිස සඳහා එළැඹෙන මාර්තු මස 05දා සිට සම්මුඛ පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවත් ඉන් අනතුරුව ඔවුන් සේවයේ පිහිටුවීමේ කටයුතු සිදුකෙරෙන බවත් ගමගේ මහත්මිය පැවසුවාය.
    ඒ අනුව සීමිත ධාරාවෙන් විභාගය සමත්ව රාජ්‍ය කළමනාකරණ සේවය සඳහා නිලධාරීන් 1477ක් ද, විවෘත ධාරාවෙන් 3905ක් ද බඳවාගැනීමට නියමිතය.