රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයෙන් අභ්‍යන්තර ගුවන් සේවයක්

    December, 1, 2016

    ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා අධිකාරියේ අදාළ නිර්ණායකවලට අනුකූලව සිවිල් මගී ප්‍රවාහනය සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් වශයෙන් අභ්‍යන්තර ගුවන් සේවයක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ එක්ව එවැනි හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමේ අරමුණින් ප්‍රමාණවත් මූල්‍ය හැකියාවක් සහිත පෞද්ගලික පාර්ශ්වයන් වැඩි පිරිසක් වෙතින් යෝජනා කැඳවීම පිණිස ඉදිරිපත් වූ යෝජනාව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.