රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගේ නව පත්වීම් ගැන මුදල් අමාත්‍යවරයා කතා කරයි

    January, 16, 2015

    මුදල් අමාත්‍යංශය යටතේ ඇති සියළුම බැංකු හා ආයතනවල ප්‍රධානීන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට වහාම ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අප සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

    ඔහු පැවසුවේ මෙම තනතුරු සඳහා පුද්ගලයින් තෝරා ගැනීම මේ වනවිට සිදුවෙමින් තිබෙන බවත් නුදුරු දිනකදී එම පත්වීම් සිදුකරන බවයි.

    රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අග්‍රාමාත්‍යවරයාව සිටි අවධියේදී ආයෝජන මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අන්තර් ජාතික බැංකු කරුවෙකු වන අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කර තිබේ.