November, 5, 2015
අද දින පාර්ලිමේන්තුවේදී නව රජයේ මධ්‍ය කාලීන ආර්ථික සැලසුම් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඕනෑම පොදු ව්‍යාපාරයක් මූල්‍ය විනයක් සහිතව පවත්වා ගෙන යා යුතු බවත් එසේම එම ව්‍යවසායන් වාණිජ ව්‍යාපාරයන් ලෙස සාර්ථක තලයකට ඔසවා තැබිය යුතු බවත් පැවසීය.
මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා සිංගප්පූරුවේ ටමාසෙක් ආයතනයට සමාන රාජ්‍ය ව්‍යවසාය අයිතිය හිමි සීමාසහිත සමාගමක් (State Holding Coperation Limited) ස්ථාපිත කරන බවටත්, පුද්ගලික ආයතනයන් හි මෙන් මූල්‍ය විනයක් සහිතව වෙළෙඳපොළට අනුරූපව තීරණ ගැනීමේ බලය එම සමාගමට ලබා දෙමින් රාජ්‍ය ව්‍යවසාය කොටස් එම සමාගමට පවරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සිය විශේෂ ප්‍රකාශය තුළින් කියා සිටියේය.
එසේම මහජන ධන භාරය (Public Wealth Trust) නමින් අරමුදලක් පිහිටුවා එම සමාගමේ කොටස් හිමිකම ඒ අරමුදල ඔස්සේ ජනතාව වෙත භාර කරන බවත්, භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපතිවරයා මෙම අරමුදලේ භාරකරුවන් ලෙස නිල බලයෙන් පත්කරනු ලබන බවටත් එම ප්‍රකාශයේ සඳහන් විය. එමෙන්ම වෘත්තීය සමිති, සිවිල් සමාජ සහ වාණිජ මණ්ඩල නියෝජිතයින් අතුරෙන් ව්‍යවස්ථාදායක සභාව විසින් නම් කරන පුද්ගලයන්ගෙන් අනෙක් සාමාජිකයන් පත්කරන බවත්, භාරකාර අරමුදල සුපරීක්ෂණය කිරීමේ වගකීම මොවුන්ට හිමිවන බවත් පැවසූ අගමැතිවරයා ඒ භාරකරුවන් පාර්ලිමේන්තුවට වගකිව යුතු බව වැඩිදුරටත් කියා සිටියේය.
Video Story