රාජා ජුවලර්ස් සිය විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

    July, 2, 2024

    ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් සිය විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් පසුගියදා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2024  (National Business Excellence Award 2024) සම්මානය හිමිකරගැනීමට සමත්විය. මෙම ජයග්‍රහණය සමඟ මෙරට ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ වැඩිම සම්මානයට පාත්‍ර වූ ස්වර්ණාභරණ සන්නාමය ලෙස රාජා ජුවලර්ස් සිය විශ්වාසනීයත්වය තහවුරු කරන ලදී. එසේම ශ්‍රී ලාංකීක ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවයට , විශ්වාසනීයත්වයට හා නවෝත්පාදනයට ඔවුන් දක්වන අඛණ්ඩ කැපවීම ඇගැයීමට ලක් වූ අවස්ථාවක් ලෙස මෙය සැළකිය හැකිය.

    ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය යනු නායකත්වය , ආයතනික පාලනය , පුද්ගල ධාරීතාව වර්ධනය කිරීම , කාර්ය සාධන කළමනාකරණය මෙන්ම දේශීය හා ගෝලීය වෙළෙඳපළ පිවිසුම , මූල්‍ය ප්‍රතිඵල හා ජාතික ආර්ථිකය වර්ධනය සඳහා දක්වන දායකත්වය ඇතුළු නිර්ණායකයන් රැසක් මත පදනම්ව මෙරට ව්‍යාපාර වඩාත් සූක්ෂම ඇගැයීමට ලක් කරනූ ලබන අවස්ථාවකි.

    රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙම ජයග්‍රාහී අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්විය. "ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2024 සම්මානය හිමිකර ගැනීමට හැකිවිම පිළිබඳව රාජා ජුවලර්ස් නිහතමානීව ආඩම්බරයට පත්වෙනවා.මෙම කීර්තිමත් ජයග්‍රහණය අපගේ සමස්ත කණ්ඩායමේ නොසැලෙන කැපවීම හා උත්සාහය පිළිබඳව හොඳම සාක්ෂියයි. මෙය අපව නිරතුරුවම ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ විශ්වාසනීය විශිෂ්ටත්වය තහවුරු කිරීමට කටයුතු කරන අභිප්‍රේරණයක් ලෙස දක්වන්න පුළුවන්."

    රාජා ජුවලර්ස් හි මෙම සාර්ථකත්වය ප්‍රධාන කරුණු කිහිපයක එකතුවකි. සිය ස්වර්ණාභරණ නිර්මාණකරණයේදී භාවිතා කරනු ලබන සුවිශේෂි ශිල්පීය ක්‍රමෝපායන් හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් අමුද්‍රව්‍ය භාවිතා කිරීම නිසා මෙරට පරම්පරා ගණනාවක ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ පාරිභෝගිකයින් තුළ විශ්වාසය තහවුරු කර ඇත. මීට අමතරව, රාජා ජුවලර්ස් තිරසාර සංවර්ධනයේ ප්‍රමුඛයන් ලෙස කටයුතු කරමින් ජාතික ආර්ථිකය ගොඩනැගීම  වෙනුවෙන් සක්‍රීයව සිය දායකත්වය සපයනු ලබයි. එසේම දේශීය ප්‍රජාවගේ කුසලතා පෝෂණ කරමින් ශ්‍රී ලාංකීක සම්ප්‍රදායික උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යාමේ අසමසම ගමනක රාජා ජුවලර්ස් නිරත වනු ලබයි.

    මීට පෙර ද රාජා ජුවලර්ස් සම්මාන කිහිපයකින් ඇගැයීමට ලක් වූ අතර ඒ අතරින් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන , ජනාධිපති ඇගැයීම් සම්මානය ප්‍රමුඛ වේ. එමඟින් සිය සන්නාමයේ නොසැලෙන විශිෂ්ටත්ව ගමන්මාර්ගය හා පාරිභෝගික අපේක්ෂාවන් සංතෘප්ත කිරීමේ කැපවීම රාජා ජුවලර්ස් තහවුරු කරයි.

    ඉදිරියේදීත් ශ්‍රී ලාංකීක ස්වර්ණාභරණ ක්ෂේත්‍රය වෙනුවෙන් කලාත්මක බවින් උසස් ගුණාත්මක ස්වර්ණාභරණ එකතූන් පාරිභෝගිකයින් වෙනුවෙන් පිරිනැමීමට රාජා  ජුවලර්ස් අඛණ්ඩ කැපවී සිටී.

    රාජා ජුවලර්ස්හි අති විශාල අනර්ඝ රන් ආභරණ එකතුව පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා දැන්ම www.rajajewellers.com  වෙත පිවිසෙන්න.