October, 6, 2016
උපාධිය සමත්ව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලින් වාර්ෂිකව පිටව යන උපාධිධාරි තරුණ-තරුණියන් විශාල පිරිසක්, සැලකිය යුතු කාලයක් රැකියා විරහිතව හෝ ඌන රැකියා නියුක්ත තත්ත්වයේ පසුවීම සමාජ, ආර්ථික හා දේශපාලනික ගැටලුවක් බවට පත්ව ඇත.
එහෙත් උපාධිය මූලික සුදුසුකමක් ලෙස සලකනු ලබන, පෞද්ගලික අංශයේ ඇතැම් ක්ෂේත්රයන්හි තනතුරු පුරප්පාඩුව පවතින බවද නිරීක්ෂණය කෙරේ.
ඒ අනුව, එවැනි පුරප්පාඩු පවතින ක්ෂේත්රයක් වන වැවිලි ක්ෂේත්රයට රැකියා විරහිත උපාධිධාරින් යොමු කිරීමේ අපේක්ෂාවෙන්, ප්‍රාදේශීය වැවිලි සමාගම් හි පුරප්පාඩුව පවතින කළමනාකරණ රැකියා සඳහා රැකියා විරහිත උපාධිධාරින් පුහුණු කිරීමේ නේවාසික පුහුණු පාඨමාලාවක් ජාතික වැවිලි කළමනාකරණ ආයතනය යටතේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් ආරම්භ කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.