May, 2, 2017
ප‍්‍රමුඛ පෙළේ රැහැන් රහිත තොරතුරු තාක්ෂණ උපාංග නිෂ්පාදකයෙක් වන 'රැපූ', සිය එකම නිල බෙදාහැරීම් නියෝජිතායතනය වන 'එටර්නල් ඒෂියා ලංකා (පුද්) සමාගම හරහා ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවේ වෙළඳ සමුළුවක් මඟින් සිය නිපැයුම් ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.
සිංගප්පූරුව පාදක කරගත් බහුජාතික සමාගමක් වන 'එටර්නල් ඒෂියා', තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ බෙදාහැරීම් කටයුතු පිළිබඳ අවධානය යොමු කරන අතර, පසුගිය වසර 3ක කාලය මුළුල්ලේ ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු වල යෙදී සිටියි.
කොළඹ ගලදාරි හෝටල් පරිශ‍්‍රයේදී 2017 අපේ‍්‍රල් මස 20 වන දින පැවැත්වීමට නියමිත මෙම අවස්ථාවට, 100කට අධික ප‍්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ වෙළඳ සමාගම්, ජංගම දුරකථන වෙළඳුන් සහ තොරතුරු තාක්ෂණ අංශයට සම්බන්ධ වෙනත් පාර්ශ්වකරුවන් සහභාගී වනු ඇත.
"රැපූ හා එක්ව අප සමාගම මඟින් බෙදාහැරීමට කටයුතු යොදා ඇති පවර් බෑන්ක්, හෙඞ්ෆෝන්, යතුරු පුවරු, මවුස සහ වෙනත් උපකරණ රාශියක්, 'රැපූ රෙවලූෂන්' ලෙසින් මෙහිදී ප‍්‍රදර්ශනය කෙරෙනු ඇති" යි 'එටර්නල් ඒෂියා' සාමාන්‍යාධිකාරී රෙහාබ් අෆ්ෆාන් මහතා පැවසීය.
"වෙළඳපලේ පවතින අනෙකුත් සන්නාම හා සැසඳීමේදී, රැපූ වෙතින් සාමාන්‍ය වෙළඳපල සම්මතයන්ට වඩා ඉහළ අලෙවියෙන් පසු සේවා සහ වගකීම් සහිතව විශේෂ පහසුකම් සහිත භාණ්ඩ දැරිය හැකි මිලක් යටතේ ලබාගත හැකිය " යි වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා පැවසීය. කරුණු පැහැදිලි කරමින් අෆ්ෆාන් මහතා පැවසූයේ, සියලූම නිපැයුම් වලට අනන්‍ය වූ ප‍්‍රතිලාභ සමඟින් පැමිණෙන රැපූ නිපැයුම්, ශ‍්‍රී ලංකාව තුළ භාණ්ඩයට භාණ්ඩයක් ලබාදෙන දෙවසරක වගකීමක් සහිත එකම සන්නාමය බවයි.
වර්තමාන ලෝකයේ කාර්මික සම්මතයන් පිලිබඳ මනා අවබෝධයකින් යුත් රැපූ පර්යේෂණ අංශය, ශ‍්‍රී ලාංකික වෙළඳපල අවශ්‍යතා වලට මැනවින් සරිලන පරිශීලක අත්දැකීමක් ලබාදීමෙහිලා සමත් බවද, ඒ මහතා පැවසීය. චීන වෙළඳපලේ ප‍්‍රධාන සන්නාමයක් වන රැුපූ සමාගම, 2011 මැයි මස සිට සිට ශෙන්සෙන් කොටස් වෙළඳපලේ ලැයිස්තුගත (කොටස් කේතය : 002577) සමාගමකි.
2002 වසරේ පිහිටවන් ලැබූ රැපූ, ඉහළ තත්ත්වයේ රැුහැන් රහිත පරිගණක උපාංග සැපයීමට කැපවී සිටින අතර, ගෝලීය වෙළඳපල තුළ වර්ධනයක් අත්කරගන්නා අතරම, චීන සහ ජාත්‍යන්තර මාධ්‍ය වෙතින් ඇගයීමට ලක්වීමට සහ 100කට අධික සම්මාන දිනාගැනීමටද සමත්ව ඇත.
Video Story