October, 7, 2016
ලේටෙක්ස් ෆෝම් නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛත ම නාමයක්වන රිචඩ් පීරිස් නැචුරල් ෆෝම්ස් සමාගම පසුගියදා පැවති ජාතික අපනයන මණ්ඩල සම්මාන උළෙලේදී (NCE) වසරේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර විය. මීට අමතරව අගය එකතු කළ කෘෂිකාර්මික අංශයෙන් විශිෂ්ටතම අපනයනකරුට හිමි රන් සම්මානය ද, රබර් නිෂ්පාදන අනු ඛාණ්ඩය (මහා පරිමාණ) යටතේ තවත් රන් සම්මානයක් ද සමාගමට හිමි වීම විශේෂත්වයකි.
ජාතික අපනයන මණ්ඩලය විසින් 24 වන වරටත් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල මුදල් අමාත්‍ය ගරු රවී කරුණානායක මහතාගේ සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු එරාන් වික්‍රමරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
"වසරේ විශිෂ්ටතම අපනයනකරුට හිමි සම්මානය මෙන්ම තවත් රන් සම්මාන දෙකකින් ද පිදුම් ලැබීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. අපගේ අසමසම, ගෝලීය වශයෙන් පරීක්ෂාවට ලක් කර ඇති සහතික ලත් නිෂ්පාදන හරහා මෙරට මෙන්ම ලොව පුරා ද රාජ්‍යයන් 43 කට අධික සංඛ්‍යාවක විහිදුනු වෙළඳපල සැපයුමක් නිර්මාණය කිරීමට අපට හැකි වී තිබෙනවා." රිචඩ් පීරිස් නැචුරල් ෆෝම්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජනුක කරුණාසේන මහතා සඳහන් කළේය.
"ලොව වඩාත් පරිසර හිතකාමී සහ සුව පහසු මෙට්ට නිෂ්පාදනය කරන්නේ අප සමාගමයි. තවද, දිවයිනේ අක්කර 20,000 කට අධික භූමි භාගයක රබර් වතු වලින් ලබා ගන්නා දේශීය රබර් සඳහා 95%ක අගය එක් කිරීමක් ද එම මෙට්ටවල සිදු කර තිබෙනවා." ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
බියගම කර්මාන්ත පුරයේ පිහිටා ඇති රිචඩ් පීරිස් නැචුරල් ෆෝම්ස් සමාගම ස්වභාවික ලේටෙක්ස් මෙට්ට, පිරවුම් සහ කොට්ට ඇතුළු ලොව විශිෂ්ටතම ලේටෙක්ස් නිෂ්පාදන නිෂ්පාදනය කරයි. උතුරු ඇමරිකාව, කැනඩාව, යුරෝපය, මැදපෙරදිග, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කොරියාව, තායිවානය, මැලේසියාව, තායිලන්තය,චීනය, ඉන්දියාව වැනි රාජ්‍යයන් වෙත නිෂ්පාදනය අපනයනය කරමින් රිචඩ් පීරිස් නැචුරල් ෆෝම්ස් සමාගම උසස් ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා තමන් සතු ශක්‍යතාව මැනවින් පිළිබිඹු කර ඇත.
"අපගේ නිෂ්පාදනවල ගුණාත්මක බව සහ සුවපහසුව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අප නිරන්තරයෙන් පර්යේෂණ සහ සංවර්ධන අංශය සඳහා ආයෝජනය කරනවා." කරුණාසේන මහතා සඳහන් කළේය.
තත්ත්ව සංයෝජනය, ෆෝම් බවට පත් කිරීම සහ වල්කනයිස් කිරීමේ සිට සේදීම, වියළීම, තත්ත්ව පරික්ෂාව, ඇසුරුම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන සෑම අදියරකදී ම ECO ආයතනය, ජර්මනියේ LGA Quality Test, ස්විට්සර්ලන්තයේ Oeko-Tex, ABC, ඇමරිකා එක්සත් ජනපදයේ STROKE, එක්සත් රාජධානියේ SATRA සහ නෙදර්ලන්තයේ GOLS ආදී ගෝලීය තත්ත්ව පරීක්ෂක ආයතනවල ප්‍රමිතීන්ට අනුව රිචඩ් පීරිස් නැචුරල් ෆෝම්ස් සමාගම 100% ක් ස්වභාවික ලේටෙක්ස් මෙට්ට නිෂ්පාදනය කරයි.
1986 වසරේදී ව්‍යාපාරිකයන් පිරිසකගේ එකමුතුවෙන් බිහි වුණු ජාතික අපනයන මණ්ඩලය ශ්‍රී ලාංකේය අපයන ක්ෂේත්‍රය ඇගයුමට ලක් කරන එකම පුද්ගලික අංශයේ මණ්ඩලයවන අතර එය මෙරට ආර්ථික සංවර්ධනය සඳහා අපනයනකරුවන් හට ඉලක්ක ලබා දීම තුළ පුරෝගාමී කරයි.
වර්තමනායවන විට මෙරට අපනයන ක්ෂේත්‍රයේ නිරත ප්‍රමුඛතම සමාගම් රැසක් මෙහි සාමාජිකත්වය ලබා ගෙන ඇති අතර මෙය "අපනයනකරුවන්ගේ හඬ" ලෙස හැඳින්වේ. මෙරට ව්‍යාපාරික ප්‍රජාව, රජයේ නිලධාරීන් සහ තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ජාතික අපනයන මණ්ඩල සම්මාන උළෙල ශ්‍රී ලාංකේය ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන නිෂ්පාදන සහ ව්‍යාපාර ඇගයුමට ලක් කිරීම ඉලක්ක කර ගනිමින් වාර්ෂිකව සංවිධානය කෙරේ.
සේයා රූ සටහන : රිචඩ් පීරිස් නැචුරල් ෆෝම්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කරුණාසේන සහ රිචඩ් පීරිස් සමූහයේ අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශමින්ද යද්දෙහිගේ යන මහත්වරුන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු එරාන් වික්‍රමරත්න මහතා අතින් සම්මානය ලබා ගත් මොහොත