රිචඩ් පීරීස් සමූහ ව්‍යාපාරය ඇමරිකානු තාක්ෂණයෙන් නිෂ්පාදිත Englander මෙට්ට මෙරටට හඳුන්වා දෙයි

    August, 12, 2025

    ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන රිචඩ් පීරීස් සමූහ ව්‍යාපාරය (Richard Pieris & Company PLC) විසින් මෑතකදී Englander මෙට්ට මෙරට වෙළඳපොළට හඳුන්වා දෙන ලඳි. Englander International යනු ලොව මෙට්ට තාක්ෂණයේ ප්‍රමුඛතම සන්නාමයකි. ශ්‍රී ලංකාවේ Englander flagship store ප්‍රධාන ප්‍රදර්ශනාගාරය අංක 69, හයිඩ් පාක් කෝනර්, කොළඹ 02 යන ස්ථානයේ පිහිටා තිබේ.

    මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මියද සහභාගී වූ අතර, Englander International සමාගමේ සභාපති ලූ පේජ් මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය. රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ විශිෂ්ට පාරිභෝගික සේවාව, නවෝත්පාදන හැකියාව, නිෂ්පාදනවල සුවපහසුව සහ ශිල්පීන නිපුණත්වය යනාදී ලක්ෂණ මැනැවින් නිරූපණය වන ආකාරයට නව ප්‍රදර්ශනාගාරය සැලසුම් කර තිබේ.

    මෙම හවුල්කාරීත්වය යටතේ ශ්‍රී ලංකාව තුළ Englander මෙට්ට නිෂ්පාදනය කිරීම සඳහා රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට බලපත්‍ර හිමි වී ඇත. ඒ අනුව මින් ඉදිරියට Memory Foam සහ Latex මෙන්ම Innersprings වැනි දෙමුහුම් තාක්ෂණයන් භාවිතා කරමින් උසස්ම ප්‍රමිතියෙන් යුත් Englander මෙට්ට ශ්‍රී ලංකාවේදීම නිපදවා අලෙවි කිරීමට රිචඩ් පීරිස් සමූහයට අවසරය ලැබී තිබේ.

    1894 වසරේදී ආරම්භ වූ Englander International සමාගම මෙට්ට සම්බන්ධයෙන් සුවිශාල ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් හිමිකර ගැනීමට සමත් වී ඇත. පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවනු ලබන Englander International මෙට්ට නිවැරදි ඉරියවු පවත්වා ගැනීමට උපකාරී වන අතර, සිරුරට සිසිලස ගෙනදෙමින් සුවදායක නින්දක් සහතික කරන විශේෂාංග රැසකින්ද සමන්විතය. Englander මෙට්ට වැඩිදියුණු කිරීම සඳහා එම සමාගම විසින් නිරන්තරයෙන් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදුකරනු ලබයි. මේ සියල්ල හේතුවෙන් Englander මෙට්ට ඉහළම කල්පැවැත්මක් සහ උපරිම සුවපහසුවක් සමගින් සුවදායක නින්දක් සහතික කරන නිෂ්පාදන ලෙස පාරිභෝගිකයන් අතරම ඉහළම පිළිගැනීමක් දිනාගැනීමට සමත් වී තිබේ.

    “අපගේ ව්‍යාපාර කටයුතුවලට පිටුබලය සපයන්නේ ශිල්පීය නිපුණත්වය සමඟ නවීන තාක්ෂණය එක්තැන් කිරීම සඳහා අප දක්වන උනන්දුවයි. මේ නිසා විශිෂ්ටතම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන පෙළක් ලොව පුරා පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමට අපට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ අපගේ ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට හැකි වීම මගින්, අපගේ සුපුරුදු මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යාමට අපට හැකි වේවි.” Englander International සමාගමේ සභාපති ලූ පේජ් මහතා පැවසීය.

    “Englander International සමඟ එක් වී මේ ආකාරයට අපගේ පාරිභෝගිකයන්ට සුවදායක නින්දක් සමඟ ප්‍රබෝධමත් පිබිදීමක අත්දැකීම හිමිකර දීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය සේන යද්දෙහිගේ මහතාගේ ක්‍රමෝපායික දැක්ම ඔස්සේ මේ ආකාරයට ලොව මෙට්ට කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමයක් මෙරටට හඳුන්වා දීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා. මෙය සෞඛ්‍යයට හිතකර සුවදායක නින්දකට උපකාරී වන නවීනතම නිෂ්පාදන සහ තාක්ෂණයන් මෙරට වෙළඳපොළට හඳුන්වා දීම සඳහා අප විසින් දරන ලද සාර්ථක සාමූහික උත්සාහයක් ලෙස මා දකිනවා.” Richard Pieris & Company PLC සමාගමේ අධ්‍යක්ෂ ශිරෝන් ගුණරත්න මහතා පැවසීය.

    “Englander International සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, මෙම ක්ෂේත්‍රය තුළ පවතින අවස්ථා වඩාත් ඉක්මනින් සහ ක්‍රමෝපායික ලෙස ග්‍රහණය කරගැනීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්. පොලියුරතීන් ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම සිටින සමාගමක් වීම මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අප සතු පුළුල් පළපුරුද්ද හේතුවෙන් අපට ඉදිරියේදී ලොව විශිෂ්ටතම තාක්ෂණයෙන් යුත් මෙට්ට දේශීයව නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කිරීමට හැකියාව ලැබේවි.” Richard Pieris & Company PLC හි දේශීය නිෂ්පාදන සහ බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජේසිංහ මහතා පැවසීය.

    1932 වසරේදී එක් ඉන්ධන පිරවුම් හලකින් ආරම්භ වූ රිචඩ් පීරිස් සහ සමාගම, ඉන් පසුව දැවැන්ත සාර්ථකත්වයක් අත්කරගනිමින් මෙරට ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් බවට පත් විය. මේ වනවිට එම සමූහය පාරිභෝගික වෙළඳාම්, වැවිලි කර්මාන්ත, රබර්, ගෘහ භාණ්ඩ, ටයර්, ප්ලාස්ටික්, රක්ෂණ සේවා, කොටස් තැරැව්කරණය, මුල්‍ය සේවා හා කාර්ය සම්පාදන ඇතුළු ක්ෂේත්‍ර රාශියක් ආවරණය කරයි. කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි විශාලතම සමාගම් අතරින් එකක් වන එය, ඉතා ඉහළ වාර්ෂික පිරිවැටුමක් සහිත සමූහ ව්‍යාපාරයක්ද වේ.

    නව ප්‍රදර්ශනාගාරය විවෘත කළ අවස්ථාවේදී චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දල්වන Richard Pieris & Company PLC හි දේශීය නිෂ්පාදන සහ බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජේසිංහ මහතා

    Richard Pieris & Company PLC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ශිරෝන් ගුණරත්න මහතා උත්සව සභාව අමතමින්

    Richard Pieris & Company PLC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ශිරෝන් ගුණරත්න මහතා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අවස්ථාව. Richard Pieris & Company PLC හි දේශීය නිෂ්පාදන සහ බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජේසිංහ මහතාද ඡායාරූපයෙහි සිටී

    Richard Pieris & Company PLC සමාගමේ සමූහයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී සුධීර එපිටකුඹුර, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ශිරෝන් ගුණරත්න, Englander International සමාගමේ සභාපති ලූ පේජ්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් සහ Richard Pieris & Company PLC හි දේශීය නිෂ්පාදන සහ බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජේසිංහ යන මහත්ම මහත්මීන් ඉහළම ප්‍රමිතියෙන් නිෂ්පාදිත Englander මෙට්ටයක් සමඟ

    හයිඩ් පාක් කෝනර් හි අලුතින් විවෘත කරන ලද Englander ප්‍රදර්ශනාගාරය

    හයිඩ් පාක් කෝනර් හි අලුතින් විවෘත කරන ලද Englander ප්‍රදර්ශනාගාරය

     

    ඡායාරූප විස්චතරය : ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සහ Englander International සමාගමේ සභාපති ලූ පේජ් මහතා ශ්‍රී ලංකාවේ නව Englander ප්‍රදර්ශනාගාරය විවෘත කළ අවස්ථාව