December, 7, 2016
ශ‍්‍රී ලාංකේය පානීය යෝගට් ක්ෂේත‍්‍රයේ පුරෝගාමියාවන රිච්ලයිෆ්, ප්‍රෝබයෝටික් සහ සැබෑ පලතුරු සාරය කැටිකොට ගත් මෙරට පළමු යෝගට් පානය පසුගියදා පාරිභෝගිකයන් හට හඳුන්වා දුන්නේය. දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද රුචිකත්වය මත ස්ට්‍රෝබෙරි, මික්ස්ඞ් බෙරි, අඹ, දොඩම්, ක්ලැසික් සහ වැනිලා යන රස හයකින් මෙම නිෂ්පාදනය වෙළඳපලට පිවිසේ. සැබෑ පලතුරු සාරයෙන් යුතුව යෝගට් පානයක් හඳුන්වා දීම හරහා රිච්ලයිෆ් සමාගම, මෙරට පාරිභෝගිකයන් හට විවිධත්වය සහ රසය ලබා දෙන අතර, ප්‍රෝබයෝටික්වල ගුණය ද ලබා දීමට කටයුතු කරයි.
ප්‍රෝබයෝටික් යනු අපගේ ආහාර ජීරණ පද්ධතියේ ජීවත්වන ක්ෂුද්‍රජීවී විශේෂයක්වන අතර එම ක්ෂුද්‍රජීවින් බඩවැල ආශ‍්‍රිත ආසාදන තත්ත්වයන් ඇති කරන හානිකර ක්ෂුද්‍රජීවීන්ට එරෙහිව සටන් කරමින් මිනිසාගේ නිරෝගීබව පවත්වා ගැනීමට උපකාරී වෙයි. තවද, ප්‍රෝබයෝටික් මස්තු රුධිර කොලෙස්ටරෝල් මට්ටම, ප‍්‍රදාහ ආන්ත‍්‍රික රෝග සහ මහා බඩවැල සහ ගුද මාර්ගය ආශ‍්‍රිත පිළිකා මැඩපැවැත්වීම ද දායක වෙයි. සාමාන්‍ය නිරෝගී අන්ත‍්‍රයක විවිධ කුලවලට අයත් ප්‍රෝබයෝටික් ක්ෂුද්‍රජීවින් ටි‍්‍රලියන 100 ක් පමණ ජීවත්වන අතර එම ක්ෂුද්‍රජීවින් රෝගකාරක සහ හානිකර ක්ෂුද්‍රජීවින්ට එරෙහිව සටන් කරයි.
ප්‍රෝබයෝටික්වලට අමතරව රිච්ලයිෆ් යෝගට් පානය නිරෝගී ජීවිතයක් සඳහා අවශ්‍ය කාබෝහයිඩ්‍රේට, මේදය, ප්‍රෝටීන, ඛණිජ සහ විටමින්වලින් ද සමන්විත වේ. මීට අමතරව, රතු රුධිරානු සහ ස්නායු පද්ධතිය නිසි පරිදි ක‍්‍රියාත්මක වීමට අවශ්‍ය පොටෑසියම්, පොස්පරස්, රයිබෝෆ්ලේවින්, අයඞීන්, සින්ක් සහ විටමින් බී5 සහ බී12 ද මෙම නිෂ්පාදනය තුළ අන්තර්ගත වීම විශේෂත්වයකි.
විටමින් බී12 බොහෝ විට කුකුළු මස් සහ මාළු තුළ ඇතුළත්වන බැවින් එළවලූ පමණක් අනුභව කරන පිරිසට එම සංඝටකය මග හැරී යයි. ඒ අනුව, රිච්ලයිෆ් යෝගට් පානය ඕනෑම අයෙකුගේ පෝෂණ පරතරය අඩු කිරීමට සහය වේ. පෝෂණ විශ්ලේෂණයට අනුව ප්‍රෝබයෝටික් සහිත මිලි ලීටර 200 ක යෝගට් පානයක් මගින් වැඩිහිටියෙකුගේ දෛනික විටමින් බී12 අවශ්‍යතාවය බෙහෙවින් සපුරාලන බව හඳුනා ගෙන ඇත.
ජීවි සහ ක‍්‍රියාකාරී ප්‍රෝබයෝටික් සහිතයි යන ප‍්‍රකාශය මගින් ඔබගේ අහාර ජීරණ පද්ධතිය නිසි පරිදි ක‍්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ප්‍රෝබයෝටික් ප‍්‍රමාණය රිච්ලයිෆ් යෝගට් පානය තුළ අන්තර්ගතවන බව හඳුනා ගත හැකිය. අපගේ පාරිභෝගිකයන් හට උසස් ම ප‍්‍රමිතියෙන්, සුරක්ෂිතතාවයෙන් සහ සෞඛ්‍ය ප‍්‍රතිලාභවලින් යුතු නිෂ්පාදනයක් ලබා දීම සඳහා නිෂ්පාදන ක‍්‍රියාවලියේ සෑම පියවරක් ම අප අධීක්ෂණය කරනවා.” රේණුකා ෆුඞ්ස් සමාගමේ සමූහ පර්යේෂණ සහ සංවර්ධන කළමනාකාරිනී ලක්මාලි ගාල්ලගේ මහත්මිය සඳහන් කළාය.
”නැවුම් (Fresh), රසගන්වන ලද (Flavored) සහ පැස්ටරීකෘත (Pasturized) කිරි මෙන් ම යෝගට්, මුදවාපු කිරි සහ චීස් ඇතුළු නිෂ්පාදන පෙළක් අප සතුයි. යෝගට් පානය පළමු වරට වෙළඳපලට හඳුන්වා දුන් රිච්ලයිෆ්, සිය නිෂ්පාදන පෙළ අතරට සැබෑ පලතුරු සාරය සහ ප්‍රෝබයෝටික් ද එක්කර තිබෙනවා.” ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කළාය.
සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු ආරම්භයේ පටන් ම මෙරට කිරි නිෂ්පාදන ක්ෂේත‍්‍රය නැවුම් වෙනසකට ලක් කිරීමට රිච්ලයිෆ් සමත් විය. රිච්ලයිෆ් ඬේරීස් සමාගම 2012 වසරේදී රේණුකා ෆුඞ්ස් සමාගම විසින් මිලදී ගැනීමෙන් අනතුරුව සමාගමේ කිරි එකතු කිරීමේ ක‍්‍රියාවලිය විධිමත් වීම හරහා 7,000 කට අධික කිරි ගොවි පවුල් ප‍්‍රමාණයක් ප‍්‍රතිලාභ හිමි විය. එලෙස ශ‍්‍රී ලාංකේය දෙනුන්ගෙන් දොවා ගන්නා කිරිවලින් නිෂ්පාදනය කෙරෙන රිච්ලයිෆ් යෝගට් පානය ISO 22000 ප‍්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කෙරේ.