December, 7, 2020
ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල්හි ඩිජිටල් සෞඛ්‍ය සේවා ජාලයවන eChannelling ශ්‍රී ලංකාවේ විශාලතම ඩිජිටල් සෞඛ්‍ය සේවා සැපයුම්කරුවා වේ. රියදුරු බලපත්‍රය ඉල්ලුම් කිරීමේදී අනිවාර්යයෙන් ඉදිරිපත් කළයුතු වෛද්‍ය වාර්තා අවශ්‍ය පාරිභෝගිකයන්ට කිසිදු රස්තියාදුවකින් තොරව පහසුවෙන් සහ කාර්යක්ෂමව එම කාර්යය ඉටුකර ගැනීමට පහසුකම් ලබාදෙන නව සේවාවක් එළිදක්වීමට eChannelling, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සමඟ එකට එක්විය. මෙම නව හඳුන්වාදීම හරහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා අවශ්‍ය පාරිභෝගිකයන්ට පහසුවෙන් සහ කාර්යක්ෂමව තමන්ගේ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට පහසුකම් සපයයි. eChannelling සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඇතිකරගත් මේ සහයෝගීතාවය නිසා ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වූ සමාජයක් නිර්මාණයවීමට මඟපෑදෙන අතර ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් ලබාදෙන සේවාවන් වඩාත් ආරක්ෂිතව සහ කාර්යක්ෂමව රටේ විශ්වාසනීයම ඩිජිටල් සෞඛ්‍ය සේවා ජාලය වන eChannelling ඔස්සේ ලබාගත හැක.
පාරිභෝගිකයන්ට ඩිජිටල් තාක්ෂණයේ සුවපහසුව ලබාදීම සිය මූලික අරමුණ කරගත් eChannelling ඕනෑම තැනක, ඕනෑම වෙලාවක දී තමන්ගේ දුරකථනය, පරිගණක ලැප්ටෝප් ආදී ඕනෑම දෙයක් භාවිතා කර විවිධ ගෙවීම් ක්‍රමවේද ඔස්සේ ඔබට අවශ්‍ය සෞඛ්‍ය සේවා වෙන්කරගැනීම් ඉතාම පහසුවෙන්, ආරක්ෂිතව සහ කාර්යක්ෂමව කරගැනීමට පහසුකම් සපයයි. ඕනෑම දුරකථන ජාලයක් හරහා 225 ඇමතීමෙන් සහ SLT ජාලය හරහා 1225 ඇමතීමෙන් පාරිභෝගිකයන්ට අවශ්‍ය වෛද්‍ය සේවා චැනල් කිරීම සිදුකළ හැක. තවද eChannelling වෙබ් අඩවිය (www.echannelling.com) හෝ ඔවුන්ගේ eChannelling දුරකථන ඇප් එක මඟින් ද චැනල් සේවා සඳහා කාලය වෙන්කර ගත හැකි අතර වෙන්කළ කාලය පිළිබඳ තොරතුරු සහතික කිරීමක් කෙටි පණිවිඩයක් මඟින් පාරිභෝගිකයා වෙත ලැබේ. රටපුරා ඇති ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට (NTMI) අයත් සියලුම ශාඛා (ශාඛා 26ක්) මධ්‍යගත ඩිජිටල් පද්ධතියක් හරහා සම්බන්ධවී ඇති නිසා දැන් ඕනෑම පාරිභෝගිකයෙකුට ගෙදර සිට හෝ ජංගම දුරකථනය භාවිතා කර හෝ තමන්ගේ රියදුරු බලපත්‍රයට අවශ්‍ය වෛද්‍ය සහතික ලබාගැනීමට වෙලාවක් වෙන්කරවා ගත හැක.
ශ්‍රී ලංකාවේ මහමඟ සිදුවන අනතුරු අවම කරගැනීම උදෙසා රියදුරු බලපත් ඉල්ලුම්කරන්නන්ට නිසි වෛද්‍ය සහතික නිකුත් කිරීමේ කාර්යභාරය ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානය ඉටුකරයි. රථ වාහන ධාවනය කරන සියලු දෙනාගේම සෞඛ්‍ය සහතික කරමින් ප්‍රවාහන වෛද්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියා මෙන්ම ශාරීරිකව සහ මානසිකව පොහොසත් සෞඛ්‍ය සම්පන්න රියදුරු ප්‍රජාවක් නිර්මාණය කිරීම NTMI අරමුණයි.
පිළිගත් රෝහල් 260කට වැඩියෙන්, වෛද්‍යවරුන් 5500ක්, නියෝජිත මධ්‍යස්ථාන 2000කට වඩා ආවරණය කරන eChannelling ඕනෑම ජංගම දුරකථන ජාලයක් හරහා ඕනෑම තැනක දී ඕනෑම වෙලාවක ඔබේ වෛද්‍යවරයා චැනල් කරගත හැකි පහසුම මාර්ගයයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ e-commerce පදනම් කරගත් පරිපුර්ණ සේවාවක් ලබාදෙන ලංකාවේ ප්‍රථම ආයතනය සහ කොළඹ කොටස් නිකුතුවේ ලැයිස්තු ගත ප්‍රථම තාක්ෂණික සේවා ආයතන අතර ප්‍රධානතම ආයතනයක් ලෙස eChannelling සැළකෙන අතර eChannelling PLC යනු මොබිටෙල් පුද්ගලික සමාගමේ පුර්ණ අනුබද්ධිත ආයතනයකි.
ඡායාරූපය - SLT සමූහය විසින් පහසුකම් සළසන වෛද්‍ය වාර්තා සඳහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ වේලාව වෙන්කරවා ගැනීමේ සේවාව ප්‍රවාහන අමාත්‍ය ගරු ගාමිණී ලොකුගේ මහතා, ජනතාව වෙත එළිදක්වමින්, මේ අවස්ථාවට NTMI සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා, SLT සමූහයේ සභාපති රෝහාන් ප්‍රනාන්දු මහතා, වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මහතා සහභාගී විය.
Video Story