රිය පැදවුමට නවමු අරුතක් – Mitsubishi Outlander PHEV

    August, 29, 2017

    රිය පැදවීම යනු බොහෝ දෙනෙකුට හුදෙක් ගමන් බිමන් යාමක් පමණක් නොවේ. එය තම පෞරුෂයේ ප‍්‍රකාශයක් වන, නිදහස හා විනෝදය ආත්ම කරගත්, නිරන්තරයෙන්ම අලූත් වන සදාතනික, අපූර්ව අත්දැකීමකි. මෙම හැඟීම් සමුදාය මනාව අවබෝධ කරගනිමින් නිර්මාණය කර ඇති Mitsubishi Outlander PHEV රථය කෙනෙකුගේ රිය පැදවීමේ අත්දැකීමේ සීමාවන් නව මානයකට රැගෙන යාමේ හැකියාවක් ඇති රථයක් ලෙස හැඳින්විය හැක.

    2014 වසරේ දියත් කළ දා පටන් Mitsubishi Outlander PHEV රථයේ විදුලි මෝටරය සහ පෙට‍්‍රල් එන්ජිම එක්ව ක‍්‍රියා කරන සුවිශේෂී තාක්ෂණය බොහෝ දෙනෙකු අතර බෙහෙවින් ජනප‍්‍රිය වී තිබේ. මෙමගින් එම රථය හිමි අයට එය තම නිවසේදීම විදුලි බලයෙන් ආරෝපණය කරගත හැකි අතරම ගමනේදී උපරිම පහසුවක්, සුරක්ෂිතතාවක් මෙන්ම කල් පැවැත්මක්ද ලබාදෙයි. සුවපහසුව හෝ ක‍්‍රියාකාරීත්වය නොඅඩුව ලබාදෙන අතරම උපරිම පරිසර හිතකාමීත්වයක් සහතික කිරීමට මෙහි ඇති නිර්මාණශීලී Plug-in Hybrid EV පද්ධතියට හැකියාව ඇත.

    Leather seat upholstery, Electric Sunroof, Keyless Operation System, Multi-Function Leather Steering Wheel මෙන්ම Lock mode සහිත Twin motor 4WD පද්ධතිය මෙම රථයේ අඩංගු විශේෂාංග රාශිය අතරින් කිහිපයකි. ද්විත්ව මෝටර සහිත 4WD පද්ධතිය නිසා රථය හැසිරවීම ඉතාමත් පහසු වන අතර අතිශය කාර්යක්ෂම 2.0 liter එන්ජිම උපරිම බලයක්ද ලබාදෙයි. ධාවනය වන අතරතුර එහි ඇති අධිබලැති ජෙනරේටරය මගින් බැටරි නැවත ආරෝපණය වන බැවින් අවශ්‍ය මොහොතේදී රථය විදුලි මෝටරය මගින් ධාවනය කළ හැකි වේ. ඉඩකඩ උපරිම වශයෙන් පවත්වාගැනීමට මෙන්ම ගුරුත්ව කේන්ද්‍රය හැකිතාක් පහතින් තබමින් සුරක්ෂිතතාව සහ හැසිරවීමේ හැකියාව වැඩි කිරීම සඳහා බැටරිය රථයේ යටින් සවිකර ඇත.

    විදුලි බලයෙන් ධාවනය වීමේදී රථයට බලය සැපයෙනුයේ බැටරි මගින් පමණක් වන නිසා ඉන්ධන දහනය වීමක් මෙන්ම කාබන් ඩයොක්සයිඞ් විමෝචනය වීමක්ද කිසිසේත් සිදු නොවේ. මෙහිදී රථය නිහඬව, පරිසර හිතකාමීව සහ බලවත් ලෙස ධාවනය වන අතර එවිට උපරිම වේගයේ පැයට කිලෝමීටර් 120 කි. Hybrid mode හිදී එන්ජිමෙන් ජනනය වන විදුලි බලය ඔස්සේ රථය ධාවනය වේ. බැටරියේ ආරෝපණ මට්ටම අවම වූ විට එන්ජිම මගින් විදුලි බලය නිපදවෙන අතර එක්වරම වේගය වැඩි කිරීමේදී හෝ කඳු නැගීමේදී වැඩි බලයක් ලබා දේ. හුදෙක් බොත්තමක් එබීමෙන් මෙම පද්ධති දෙක අතර එකකින් එකකට මාරු වීම සිදුකළ හැක.

    ශ‍්‍රී ලංකාවේ විදුලිබලයේ සිදුවන උච්චාවචනයන්ට ඔරොත්තු දෙන පරිදි සැකසු ආරෝපණ සොකට් සහ ශ‍්‍රී ලංකාවේ මාර්ගවල සහ කාලගුණයේ තත්ත්වයන්ට ගැළපෙන පරිදි සිදුකළ වෙනස්කම් ආදිය සමගින්, මෙරට වෙළඳපොළට හොඳින් ගැළපෙන පරිදි Mitsubishi Outlander PHEV ඪ රථය හඳුන්වා දීමට යුනියිටඞ් මෝටර්ස් සමාගම කටයුතු කර ඇත.

    වසර 4 ක/කිලෝමීටර් 100,000 ක වගකීමක් සමග එන Mitsubishi Outlander PHEV රථය දැන් කොළඹ, අනුරාධපුර, යාපනය, කුරුණෑගල, රත්නපුර, මාතර සහ මහනුවර යන ස්ථාන වල පිහිටි යුනියටඩ් මෝටර්ස් ප‍්‍රදර්ශනාගාර වලදී දැකබලාගත හැකි වේ. දැනට යුනයිටඞ් මෝටර්ස් වෙතින් Brand New ලෙස ලබාගත හැකි Mitsubishi Outlander PHEV රථ මෙම මාදිලි වසරේ (Model year) නිෂ්පාදිත රථ වන නිසා එහි බැටරියද අලූත්ම බැටරියකි.

    Mitsubishi Outlander PHEV රථය සම්බන්ධ වැඩිදුර විස්තර සඳදහා 0117 565 106 අංකයෙන් යුනියිටඩ් මෝටර්ස් සමාගම අමතන්න.

     

    Video Story

    Stock Market

    Exchange Rates