January, 28, 2016
ලොව ප්‍රමුඛතම කාර්යාල පහසුකම් සපයන්නා වන රීජස් සිය කාර්යාල පහසුකම් කොළඹ 2 , පාක් වීදියේ පාක්ලන්ඩ් ගොඩනැගිල්ල දක්වා ව්‍යාප්ත කරයි. මෙය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන රීජස් 6 වන කාර්යාල සේවා සැපයුම් ස්ථානයයි. මෙම ස්ථානයේ රීජස් සේවා ස්ථාපිත කිරීම පසුගියදා රීජස් ආසියා පැසිෆික් ප්‍රධාන විධායක නිලධාරි ජෝන් රයිට් සහ රීජස් ශ්‍රී ලංකා ප්‍රධානි නිර්මල් දි සිල්වා යන මහත්වරු අතින් සිදුකෙරිණ.
නම්‍යශිලි කාර්යාල පහසුකම් සඳහා ශ්‍රී ලංකාවේ පවතින ඉල්ලුම සඳහා රීජස් විසඳුම් සපයයි. විවිධ සේවා ස්ථානවලින් විවිධ කාර්යයන් ඉටු කරගැනීමට පැමිණෙන පාරිභෝගිකයා මේ වන විට එකම සේවාවේ විවිධ අවස්ථා සඳහා ස්ථාන කිහිපයක පිහිටි කාර්යාල කිහිපයකටම යාම සාමාන්‍ය තත්වයයි. නමුත් රීජස් ඒ සියල්ලටම විසඳුම් සපයමින් කාටත් පහසුවෙන් ළගා විය හැකි ස්ථාන වලින් කාර්යාල පහසුකම් සපයා දීම සිදු කරයි.
රීජස් ආසියා පැසිෆික් ප්‍රධාන විධායක නිලධාරි ජෝන් රයිට් මහතා සඳහන් කළේ “රීජස් ගමන් ගමනෙහි ශ්‍රී ලංකාව සුවිශේෂි තැනක් ගන්නා බවයි.මෙරට තුළ ආයතන විශාල සංඛ්‍යාවක් සිය එය සේවා ස්ථාන පිලිබදව ප්‍රමාණවත් සැලකිල්ලක් නොදක්වා ඇති බවත්, එය ව්‍යාපාර වර්ධනය කෙරෙහි බලපා ඇති බවත් ජොන් රයිට් මහතා පෙන්වා දී තිබේ. මේ නිසා රීජස් හරහා තම සමාගම විධිමත්, ප්‍රමාණවත් මෙන්ම විවිධ ක්‍රමෝපාය යටතේ පාරිභෝගිකයින් වෙත සේවා සපයන බව ද ජොන් රයිට් මහතා සඳහන් කරයි.
රීජස් ශ්‍රී ලංකා හි මෙරට ප්‍රධානි ආචාර්ය නිර්මල් දි සිල්වා මහතා සඳහන් කලේ “කොළඹ නගරය මැද නවීන පහසුකම් සහිත ස්ථානයක් හිමිවීම සුවිශේෂී තත්වයක් බවයි. විශේෂයෙන්ම වඩාත් ගුණාත්මක සහ නම්ය ශිලි සේවා පහසුකම් කොළඹ 2 , පාක් වීදියේ පාක්ලන්ඩ් ගොඩනැගිල්ලේ පිහිටි නවතම සේවා මධ්‍යස්ථානයේදී අත්විඳීය හැකි බව ද ඒ මහතා සඳහන් කරයි. මෙම නවතම සේවා ස්ථානය පාරිභෝගිකයිනගේ පහසුව පමණක් නොව එම කාර්යාලවල සේවය කරන සේවක මඩුල්ල ගේද හිතසුව පිණිස ඉදිකර ඇති බව ආචාර්ය නිර්මල් ද සිල්වා මහතා සඳහන් කරයි. සහනදායි ගාස්තු යටතේ වඩා හිතකර කාර්යාලයක් පවත්වාගෙන යාමට මෙහිදී ඉඩ සැලසෙයි. මේ නිසා විශාල පිරිසකට මෙම නව සේවාවෙන් පහසුකම් රැසක් හිමිවන බවද ඒ මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ කාර්යාල පද්ධතිය තුළ සහ ආයතන ක්‍රමෝපාය සඳහා පුළුල් උනන්දුවක් අත්‍යවශ්‍ය විය යුතු අතර රීජස් , ඊට ගැලපෙන ස්ථාන 5ක් මේ වනවිට නඩත්තු කරමින් පවත්වාගෙන යයි. ලෝක වෙළඳ මධ්‍යස්ථානය, කොළඹ 7 ධර්මපාල මාවතේ පිහිටි GDP ගොඩනැගිල්ල, කොළඹ 4 බෞද්ධාලෝක මාවතේ මැක්ලර්න් ගොඩනැගිල්ල, නාවල පාරේ ලෝටස් ගොඩනැගිල්ල, සහ දෙහිවල දුටුගැමුණු මාවතේ බර්නාර්ඩ්ස් බිස්නස් පාර්ක් යනාදී ස්ථාන වල රීජස් විසින් කාර්යාල පහසුකම් පවත්වාගෙන යයි.
Video Story