October, 21, 2016
2015 වසර අවසානයේ සිට 2016 ඔක්තෝබර් මස 14 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 1.9 ක අවප්‍රමාණය වීමක් වාර්තා කර තිබේ.
තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතික හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල යූරෝවලට එරෙහිව සියයට 3.0 කින් ද, ජපන් යෙන්වලට එරෙහිව සියයට 1.5 කින් ද, කැනේඩියානු ඩොලරයට එරෙහිව සියයට 5.8 කින් ද, ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 1.4 කින් ද අවප්‍රමාණය වී ඇත.
මේ අතර මෙම කාලපරිච්ඡේදය තුළ දී ස්ටර්ලින් පවුමට එරෙහිව සියයට 18.8 කින් ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වී තිබේ.