රුපියලේ බාල්දුවෙන් ණයබර බිලියන 186 කින් ඉහළට

    May, 8, 2017

    2016 වසර තුළ දී ප්‍රධාන පෙළේ විදේශ විනිමයවලට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ සිදුවූ අවප්‍රමාණයන් හේතුවෙන් මෙරට මුළු ණය බර රුපියල් බිලියන 186.6 කින් ඉහළ ගොස් ඇති බව 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දේ.

    මේ අතර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් 2015 වසර අවසානයේ දී සියයට 77.6 ක් ලෙසින් වාර්තා වූ රාජ්‍ය ණය ප්‍රමාණය 2016 වසර අවසානය වන විට සියයට 79.3 ක් දක්වා වර්ධනය වී ඇත.

    තවද 2016 වසර අවසානය වන විට ශ්‍රී ලංකාව ගෙවිය යුතු මුළු ණය පුමාණය රුපියල් බිලියන 9,387 ක් වන අතර මෙය පෙර වසරට සාපේක්ෂව සියයට 10.4 ක ඉහළ යාමකි. මෙහිදී දේශීය වශයෙන් ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,342 දක්වා සියයට 7.7 කින් හා විදේශයන් වෙත ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 4,046 දක්වා සියයට 14.2 කින් 2016 වසර තුළ දී ඉහළ ගොස් තිබේ.

    රජයේ මුළු ණය ප්‍රමාණයෙන් දේශීය වශයෙන් ගෙවිය යුතු ණය ප්‍රමාණය සියයට 56.9 ක් බව 2016 මහ බැංකු වාර්තාව වැඩිදුරටත් පෙන්වා දේ.