March, 31, 2016
පසුගිය දින කිහිපය පුරාවට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දැඩි පසුබෑමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියලෙහි අගය අද (31) දිනය තුළ දී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 142.59 ක් ලෙසින් වාර්තා වන අතර විකුණුම් මිල දැක්වෙන්නේ රු. 146.78 ක් ලෙසයි.
ඊයේ (30) දිනයේ දී ඉතිහාසයේ පළමු වරට ඩොලරයක විකුණුම් මිල රු. 150 සීමාව ඉක්මවා ගොස් තිබුණි. ඊයේ දින ඩොලරයක ගැණුම් මිල රු. 146.52 ක්වූ අතර විකුණුම් මිල රු. 150.54 ක් විය.
පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී නිකුත් කරන ලද විනිමය අනුපාත සටහනයි.
Video Story