රුපියල අවප්‍රමාණය වෙලා

    January, 27, 2025

    2025 වසරේ ජනවාරි 01 සිට ජනවාරි 24 දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණයක් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව සිය සතිපතා ආර්ථික දර්ශක වාර්තාව මගින් පෙන්වා දෙන පරිදි මෙම වකවානුව තුළ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට එරෙහිව 2.1%කින් අවප්‍රමාණය වී තිබේ.

    2024 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 10.1%කින් අතිප්‍රමාණය වී තිබුණි.

    මේ අතර අද දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.01 ක් හා විකුණුම් මිල රු. 302.77 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර අද (27) දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වී තිබුණේ රු. 298.41 ක් ලෙසිනි.