රුපියල ගැන මුදල් ඇමති බලාපොරාත්තු දල්වයි

    September, 10, 2015

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබාදීමෙන් පසුව රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වීම පිළිබඳව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යළිත් වරක් මාධ්‍ය වෙත කරුණු දක්වා තිබේ.

    අමාත්‍යවරයා මෙවරද සඳහන් කර තිබෙන්නේ වැඩි කලක් නොගොස් රුපියල නැවතත් පිළිගත හැකි මට්ටමක් දක්වා පැමිණෙනු ඇති බවයි.

    අවශ්‍ය අවස්ථා වලදී රුපියලේ අගය තීරණය වීමේදී මැදිහත් වන බව මහ බැංකුව පවසා ඇත.

    ඇමරිකානු ඩොලරයක මිල අන්තර් බැංකු මුදල් වෙළඳ පොළ තුළ මේ වනවිට රුපියල් 139 කට ආසන්න මිලක් ගෙන තිබේ.

    මෙය, ආනයන භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමටත් අපනයන ආදායම් වැඩිවීමටත් හේතුවී ඇත.