රුපියල තවතවත් බාල්දුවෙයි

    January, 6, 2016

    ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකානු ඩොලරයක් සඳහා වන ගැණුම් මිල ඊයේ (05) දිනයේ දී රු. 142.00 සීමාව ඉක්මවා යන ලදී.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඊයේ දිනය වන විට ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 142.08 ක් ලෙසත්, විකුණුම් මිල රු. 146.30 ක් ලෙසත් වාර්තා විය.

    අද (06) උදෑසන වන විට ඇමරිකානු ඩොලරයක ගනුදෙනු මිල රු. 144.15 ක්වූ බව අද දෙරණ Biz කළ විමසීමක දී මුදල් තැරැව්කාර සමාගම් නියෝජිතයෙකු ප්‍රකාශ කර සිටියේය.

    Video Story

    Stock Market

    Exchange Rates