රුපියල පල්ලම් බසී. ඩොලරයේ මිල වැඩිවෙයි

    November, 4, 2025

    අද (04) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.71 ක් හා විකුණුම් මිල රු. 308.20 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 304.53 ක් ලෙසින් සටහන්ව ඇත. 2024 සැප්තැම්බර් 23 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම මිල මෙය වේ.

    මේ අතර 2025 වසරේ ඔක්තෝබර් මාසයෙන් අවසන් වූ මාස දහය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 3.9%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටී.